Agra Sajeewani

Agra Sajeewani

අග්‍රා සජීවනී

Born 11 September

11 September

59.29% · 1,830 votes
Rate this artist

Summary

NameAgra Sajeewani
Sinhala Nameඅග්‍රා සජීවනී
Born11 September

Biography

ඒ 1972 වසරයි. සිරිලක දස දෙස විසූ රුවැත්තියන් අතුරින් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමට මේ සුරූපිනිය සමත් වුයේ ඡන්මයෙන් ඈ ලද සුන්දර රූපකාය නිසාමය. එපමණක් නොව ලංකාවේ පැවැති රුව සුන්දරී තරඟ ගණනාවකම ජයග්‍රහණයේ කිරුළ හිමිකර ගැනීමට ඇගේ රූප සම්පත්තිය ඉවහල් විය. අද අපේ කතා නායිකාව දශක කිහිපයක් රීදි තිරය ඔපවත් කළ තරුවක් ලෙස පමණක් හඳුන්වා දීම ඇයට කරන අගෞරවයක් ලෙස සිතමි. එයට හේතුව වන්නෛ් රංගනයට පරිබාහිරව ඇය තුළ තිබු විවිධ වූ කෞශල්‍යයන් හේතුකොට ගෙනය.

රංගනය, ගායනය, ගීත රචනය, ලේඛන කලාව කාව්‍ය සංකල්පනා පමණක් නොව ක්‍රීඩාවට ද ඇය දක්ෂතා දැක් වූ අයෙකු වීම සුවිශේෂිතය.

ඇය අග්‍රා සජීවනි ද අල්විස් නැමැති 70 දශකයේ රිදී තිරයට පැයූ ජනපි‍්‍රය තරුවයි.

අග්‍රා සිය සැමියා දයා වික්‍රමසිංහ සමඟ වෙසෙන්නේ බත්තරමුල්ල වික්‍රමසිංහපුරය.

කොහොමද සැප සනීප?

සතුටින් ඉන්නවා.

අග්‍රාගේ නිවෙසේ සිටින විට මගේ ඇස් මානයේ දිස්වුයේ වික්‍රමසිංහපුර පිහිටි ITN කුලුණය.

“ITN එකේ ඉඩම් පමණක් නොවෙයි වික්‍රමසිංහපුර ඉඩම් යායම මගේ මහත්තයාගේ තාත්තාට සීයාට අයත් ඒවා. පසුකාලීනව ඒවා විකුණු වා.”

මගේ සැමියා වතු අධිකාරිවරයෙක්. ටැන්සානියා සහ මොසැම්බික්වල වතු අධිකාරිවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

මට පුතෙක් ඉන්නවා. හර්ෂාන් වික්‍රමසිංහ, පුතා ඉධටබඹචපඥ ඡ්දඨඪදඥඥප කෙනෙක්. විවාහකයි. පුතාගේ බිරිඳ ජිනාල් සාමාන්‍යධිකාරිවරියක්. පදිංචිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වල. පුතාට දුවකුයි, පුතකුයි ඉන්නවා. මම ආච්චි කෙනෙක්. අපි මාස 6ක් මෙල්බන්වල ඉන්නවා. ඉතිරි මාස 6 ලංකාවේ තමයි. මගේ ජීවිතය මම පුතා වෙනුවෙන් සින්දුක් ලියලා ගායනා කළා.

හර්ෂණ පුතුනේ - නැළැවෙනවා උකුලේ

ලේ කිරි කර පොවලා රන් මිණි මුතු වටිනා

බිළිඳු හඬින් මා ගායනා ගීයට සවන් යොමා

හැදු වැඩු මව මාය පුතේ

කොහොමද අග්‍රා ඔයාගේ පාසල් කාලේ?

මගේ ගම රණාල දැඩිගමුව. රණාල ශ්‍රී දේවමිත්ත මහා විද්‍යාලයෙන් මම ඉගෙන ගත්තේ. මම පාසලේ කැපී පෙනුණ ශිෂ්‍යාවක් නෙට්බෝල් කණ්ඩායම් දක්ෂ ක්‍රීඩිකාවක් මගේ පාසලේ ක්‍රීඩා ගුරුවරිය මම නැතුව නෙට්බෝල් තරගවලට යන්නේ නැහැ. සාහිත්‍ය සංගමයේ නිත්‍ය සාමාජිකාවක් පාසලේ විවිධප්‍රසංගවලට මම තමයි නාට්‍ය පිටපත ලියන්නේ. නාට්‍යවලට ළමුන් පුහුණු කරන්නෙත් මම අපේ සාහිත්‍ය ගුරුවරිය කලාවට ළැදි නිසා සිසුන් බොහෝ දෙනෙකු මෙන්ම මගේ කලා කෞශලයන් උද්දීපනය කිරීමට ගුරුවරිය අවස්ථාව සලසා දුන්නා. පාසලේ හොඳම නිළියටත් මම තේරුණු. වාර අනන්තයි. කුඩා කල සිටම මම කැමැතිම වෘත්තීය කුමක්දැයි ඇසුවොත් මම පිළිතුරු දෙන්නේ නිළියක් වීම. පුදුම රඟපෑමේ පිස්සුවක් මට තිබුණේ. මම පාසලේ ජනපි‍්‍රය චරිතයක්.

නිළි පිස්සුවට මව්පියන් කැමැති වුණා ද?

නැහැ. මගේ තාත්තා ටෙරන්ස් අල්විස්. අම්මා ඇලීස් නෝනා බමුණු ආරච්චි.

ඔවුන් දෙපොළ රඟපෑමට ඉඩ දුන්නේම නැහැ. එයට හේතුව ඒ යුගයේ රඟපෑම, නිළියක් වීම තමාගේ පමණක් නොවෙයි, පවුලේම ප්‍රතිරූපයට කැලලක් සහ පුහු මතිමතාන්තරවල පැරැන්නෝ එල්බගෙන සිටීම. කිංස්ලි රාජපක්ෂ මගේ තාත්තාගේ හොඳම යාළුවෙක්. ඔහු තාත්තාගෙන් ඉල්ලීමක් කළා. මාව රඟපෑමට යොමු කරන්න කියා. නමුත් තාත්තා කැමැති වුණේ නැහැ. තාත්තා දන්නවා කලාවට මගේ තිබුණ හැකියාවන්. තාත්තා විනෝදයට බර කෙනෙක්. හැම ඉරිදාවකම අපේ ගෙදර බජව් දානවා. මට ඉතිං තාත්තට පෙනෙන්න නටනවා. අපේ පවුලේ 6 දෙනයි. මම විතරයි කලාවට දක්ෂ.

නිළි පිස්සුව, සාහිත්‍ය, කලාව, කී‍්‍රඩාව, මේ සියල්ලම අතරේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වුණා ද?

ඔව් මට හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ (S.S.C) විෂයයන් අටෙන් සම්මාන සාමාර්ථ 6ක්ම මට ලැබුණු පසුව උසස් පෙළත් හැදැරුවා. අපි අතර අපේ සාහිත්‍ය ගුරුවරිය අනුලා පේවිආරච්චි අපිව එක්කරගෙන එනවා. කොළඹ ජෝන් ද සිල්වා එවකට සිංහබාහු, මනමේ ආදී නාට්‍ය පෙන්වන්නට. කලාවට යොමු වීමට මට ප්‍රබෝධයක් ඇති කළේ. අනුලා පේවි ආරච්චි ගුරුතුමිය.

ඔබ වරක් බස්නාහිර පළාතේ සෞඛ්‍ය කුමරිය වුණා නේද?

ඔව්. සැම පාසලකින්ම ළමුන් දෙදෙනා බැගින් තෝරාගෙන අවසාන තරඟ වටය පැවත්වුවා. සෞඛ්‍ය කුමරියට තිබිය යුතු සුදුසුකම් වන්නේ නිය, දත්, පිරිසිදුකම, හිස කෙස් ඇඳුම ආදිය සලකා බලා ලකුණු දුන්නේ.

ඔබ වාසනාවන්තියක් වුණා 1971 තිරගත වූ බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ නීල් රූපසිංහගේ ‘හතර දෙනාම සුරයෝ’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන්නට?

ඔව්. ‘හතර දෙනාම සුරයෝ’ රඟපෑම මගේ ජිවිතයේ ලද ලොකුම භාග්‍යයක්. අපේ සිනමා සක්විති වන නළු ගාමිණි ෆෝන්සේකා රඟ පෑ විත්‍රපයකින් සිනමාවට පිවිසිම මටත් ආඩම්බරයක්. මගේ පෙම්වතා සේනාධිර රූපසිංහ හතර දෙනාම සුරයෝ අතිශයින් ජනපි‍්‍රයත්වයට පත් චිත්‍රපටයක් නිසා මමත් ප්‍රථම චිත්‍රපටයෙන්ම ජනපි‍්‍රයත්වයට පත්වුණා. හතර දෙනාම සුරයෝ රඟපෑවේ නිළියක් අවශ්‍ය යි. කියා සරසවිය පත්තරේ තිබුණු දැන්වීමක් දැකලා අපේ අඳුරන කෙනෙක්. මාර්ගයෙන් නීල් රූපසිංහ මුණ ගැසුණා. එහිදී මාව තෝරා ගත්තා.

මගේ ප්‍රථම චිත්‍රපටය වීමට තිබුණේ කේ.ඒ.ඩබ්. පෙරේරාගේ ලොකුම හිනාව චිත්‍රපටයයි. කේ.ඒ.ඩබ්.පෙරේරා මාව ලොකුම හිනාවට තෝරාගෙන මාගේ පින්තුරය පුවත්පතක පවා පළකර තිබුණා. කේ.ඒ.ඩබ්. පෙරේරා ලොකුම හිනාව චිත්‍රපටයට තෝරාගත් නවක නිළිය වුණත් ඒ පොරොන්දුව ඉටු වුණේ නැහැ. නමුත් අද මට සතුටු වෙනවා. මට ලොකුම හිනාව අහිමි වී හතර දෙනාම සුරයෝ මගේ සිනමා ප්‍රවේශය වීම ගැන හේතුව හතරදෙනාම සුරයෝ අතිශයෙන් ජනපි‍්‍රය Box Office වාර්තා පිහිට වූ චිත්‍රපටයක් නිසා.

අග්‍රා සජීවනි රිදී තිරයේ අතිශයින් ජනපි‍්‍රය නිළියක් මෙතෙක් ඔබ විශාල චිත්‍රපට සංඛ්‍යාවකට දායක වී නැහැ. නමුත් මට හිතෙනවා ඔබ රඟ පෑ සීමිත චිත්‍රපට සංඛ්‍යාව Box Office වාර්තා පිහිටු වීම ඔබේ ජනපි‍්‍රයත්වයට හේතුවක් කියා?

ඔව්. මම බොහෝ චිත්‍රපටවල රඟපෑවේ උප ප්‍රධාන චරිත ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට අතළොස්සයි. නමුත් මම රඟපෑ බොහෝමයක් චිත්‍රපටවල ප්‍රධාන නළුවා ගාමිණි ෆොන්සේකා රඟ පෑ සෑම චිත්‍රපයක්ම ආදායම් වාර්තා පිහිටෙව්වා. ජනපි‍්‍රය වුණා. ඒ ජනපි‍්‍රයත්වය මාව ජනපි‍්‍රය තලයට ඔසවා තබන්නට රුකුලක් වුණා. මගේ පි‍්‍රයතම නළුවා ගාමිණි.

ඔබ රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව ගැන මතක් කරමු.

හතරදෙනාම සුරයෝ, සුරයා සුරයාමයි, හොඳයි නරකයි, ජීවන ගංගා, සුරේඛා, හරිම බඩු තුනක්, හුලවාලි, ලස්සන කෙල්ල, සඳමාලී, අම්මේ ඔබ නිසා, දුලීකා, ඔන්න බබෝ බිල්ලෝ එනවා, සුකිරි කෙල්ල, දෑස නිසා, නිවෙන ගින්න සබීතා, අජාසත්ත, වලව්වේ හාමු, ඔබට පමණයි ආදරේ එදත් සුරයා අදත් සුරයා, සරදියෙල්ගේ පුතා

ඔබ චිත්‍රපට නිෂ්පාදිකාවක් කතා කරමු. ඔබ නිෂ්පාදනය කළ සූගන්ධි ගැන?

මම සුගන්ධි චිත්‍රපටයේ සම නිෂ්පාදිකාව. මම එහි ද්විත්ව චරිත රඟපෑවා. මට ප්‍රධාන චරිත රඟපාන්නට අවස්ථාව හිමිවුණෙත් සූගන්ධි චිත්‍රපයටයෙන් ‘සුගන්ධි’ චිත්‍රපටයට පාදක වුණේ සතුට පත්‍රයේ පළ වූ ජනක රත්නායකගේ ‘කබලෙන් ලිපට’ චිත්‍රකතාවයි. මාත් සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙනිය සුගන්ධි අධ්‍යක්ෂණය කළේ දයානන්ද රුද්‍රිගු, සුගන්ධි විශාල ලාභ නොලැබුණත් පාඩු නැතිව දුවපු චිත්‍රපටයක්.

ඔබ ජෝතිපාලයන් සමඟ චිත්‍රපට පසුබිම් ගීතයක් ගායනා කළා නේද?

මම සුගන්ධි චිත්‍රපටයේ ජෝතිපාල සමඟ ‘සිහිනෙන් දැක්කා මනාලියක් වී මා සොයා ආවා.’ නැමැති යුග ගීතය ගායනා කළා. සංගීවත් කළේ සරත් බාලසුරිය සිල්වර් ලයින්රෙකෝඩ් බාර් එකට ගීත හතරක් ගායනා කළා. ඒ වගේම මගේ පුතා වෙනුවෙන් ගැයූ හර්ෂණ පුතුනේ ගීතය අතිශයින් ජනප්‍රිය වුණා. මෙම ගීතය ITN නාලිකාව ඔස්සේ ප්‍රචාරය වුණා.

දීප්ති ෆොන්සේකා

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Actress Neil Rupasinghe
2 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Actress Lenin Morais
3 2421972 Sujeewa සුජීවා Actress Joe Dev Ananda
4 2661973 Hondai Narakai හොඳයි නරකයි Actress Lenin Morais
5 2701974 Duleeka දුලීකා Actress K.A.W. Perera
6 2751974 Sureka සුරේඛා Actress Robin Tampoe
7 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Actress Lenin Morais
8 2901974 Jeewana Ganga ජීවන ගංගා Actress Dayananda Rodrigo
9 2921975 Suraya Surayamai සූරයා සූරයාමයි Actress Lenin Morais
10 3061975 Lassana Kella ලස්සන කෙල්ල Actress Neil Rupasinghe
11 3191975 Desa Nisa දෑස නිසා Actress Dr. Lester James Peries
12 3281976 Harima Badu Thunak හරිම බඩු තුනක් Actress Ananda Hewage
13 3381976 Hulavali හුලවාලී Actress W.A.B. De Silva
14 3401976 Saradiyelge Putha සරදියෙල්ගේ පුතා Actress Neil Rupasinghe
15 3611977 Saja සජා Actress Cyril P. Abeyratne
16 3671977 Nivena Ginna නිවෙන ගින්න Actress Amaranath Jayathilake
17 3691977 Vanagatha Kella වනගත කෙල්ල Actress Henry Chandrawansa
18 4151979 Sugandi සුගන්දි Main Actress Dayananda Rodrigo
19 4331980 Seetha සීතා Actress Sherly P.Wijerathna
20 4511980 Sabeetha සබීතා Actress J. Selvarathnam
21 4671981 Ajasaththa අජාසත්ත Actress Joe Micheal
22 5341983 Sandamali සඳමලී Actress Milton Jayawardhana
23 5411983 Chandi Siriya චන්ඩි සිරියා Actress Rohini Jayakodi
24 6031985 Chalitha Rangali චාලිත රන්ගාලි Actress Mersalin S. Perera
25 6591988 Amme Oba Nisa අම්මේ ඔබ නිසා Actress Anton Kingsley
26 6781990 Dese Mal Pipila දෑසේ මල් පිපිලා Actress W. Wilfred Silva
27 6871990 Walavuve Hamu වලව්වේ හාමු Main Actress Gamini Nawarathna
28 7041991 Obata Pamanai Adare ඔබට පමණයි ආදරේ Actress S.V. Chandran, Anton Kingsley

As a Crew

Producer

#Film NoYearFilm RoleDirector
1 4151979 Sugandi සුගන්දි Producer Dayananda Rodrigo