Sandya Kumari

Sandya Kumari

සන්ධ්‍යා කුමාරි

Full Name: Jayasuriya Arachchige Dona Mary Yvonne Perera Born 06 January 1945 Died 02 June 1994

06 January 1945 - 02 June 1994

59% · 3,660 votes
Rate this artist

Summary

NameSandya Kumari
Sinhala Nameසන්ධ්‍යා කුමාරි
Full NameJayasuriya Arachchige Dona Mary Yvonne Perera
Born06 January 1945
Died02 June 1994

Biography

Jayasuriya Arachchige Dona Mary Yvonne Perera, better known as Sandhya Kumari (born 6 January 1945 – died 2 June 1994) was a popular Sri Lankan actress who frequently played femme fatale roles in early Sinhala cinema.

PERSONAL LIFE

She was born on 6 January 1945 in Colombo. Kumari was married to Upali Perera.

CAREER

Kumari's first film role was in the 1963 film Adata Wadiya Heta Hondai. Starring alongside Gamini Fonseka, Jeevarani Kurukulasooriya, Ananda Jayaratne, Nelson Karunagama and Vijitha Mallika, Kumari gained fame with the performance. She then appeared as the heroine in the tale of fisher folk, Dheewarayo, released in 1964. In 1965, she acted in Allapu Gedera.

Her other films include "Patachara",Ipadunay Aiye?, Ran Rasa, Sura Chowraya (1967), Akka Nago, Amathikama, Ataweni Pudumaya, Bicycle Hora, Hangi Hora, Pini Bindu (1968), Kawda Hari, Sooraygeth Sooraya (1969; which featured a fight sequence between her and Sonia Dissanayake) and Sakuntala (1977).

සන්ධ්‍යා කුමාරි ඡායාරූප සඳහා ඕනෑම පැත්තකට උචිත මුහුණක් ඇති ආලීකමත් ස්වභාවයක් සහිත සේයාරුවකට ඔබින ර්‍ථඩධබධඨඥදඪජ (ෆොටෝජෙනික්) නිළියක් බව විශිෂ්ට කැමරා ශිල්පී විලී බ්ලේක් වරක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට කියා තිබුණි. මා 'සරසවිය' පුවත්පතට බැඳුණු කාලයේ අපගේ ගුරු ඡායාරූප කර්තෘ නිමල් පෙරේරා අභයවර්ධන මහතා මේ අදහසම අපට පැහැදිලි කළේ එවකට ලේක්හවුස් හි ඡායාරූප ශිල්පී නීල් මෝසස් විසින් ගන්නා ලද සන්ධ්‍යා කුමාරිගේ අනර්ඝ සේයාරුවක් අපට පෙන්වමිනි. නිමල් පෙරේරා අභයවර්ධන මහතා ද සන්ධ්‍යා කුමාරිගේ ඡායාරූප වැඩි ගණනක් ගන්නා ලද ඡායාරූප ශිල්පියාය.

'1964 සරසවිය සිනමා වාර්ෂිකයේ පළ වී තිබූ නීල් මෝසස්ගේ මේ ඡායාරූපය මෙහි පළ වී ඇත. ඒ සුදු කළු ඡායාරූපය යටින් මෙසේ ද සඳහන්ව තිබුණි.

'මන කුපිත කරවන තරමේ ලක්ෂණයෙන් යුතු මුහුණ හා අඟපසඟ, පුළුල් සිනාව, ජීවයෙන් ඉතිරෙන සන්ධ්‍යාට නිවසේ රැඳී සිටීම පිස්සු හැදෙන තරම්. විවේකයට ඇඳේ දිගා වී මාරක කතා කියවන්නී, රළු, දඟකාර චරිතවලටයි ඈ ආසා. හොඳ පුහුණුවක් ලබා දුනහොත් දක්ෂ නිළියක් වේවි' යි ඈ ගැන බී. ඒ. ඩබ්ලිව්. කියයි.'

සිංහල සිනමාවේ සිංහල ලකුණ සොයා ගිය සිරිසේන විමලවීර විසින් සිනමාවට හඳුන්වා දුන් සන්ධ්‍යා කුමාරිව සිංහල සිනමාවේ මුල්ම චිත්‍රපට නළුවකු වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අවසන් වරට 1964 දී අධ්‍යක්ෂණය කළ 'මඟුල් පෝරුව' චිත්‍රපටයට තෝරා ගෙන තිබුණි.

1945 ජනවාරි 06 වෙනිදා කොළඹ 13, කොටහේනේදී උපත ලැබූ ජයසූරිය ආරච්චිගේ මේරි ඉවෝන් පෙරේරා වයස අවුරුදු පහේදී කොටහේනේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයට ඇතුළත් වූ අතර ඇය අවුරුදු පහ වන විට පහළ බාලාංශයේ කවි, සින්දු ගීතිකා කීමෙහි දස්කම් පෑ කුඩා දැරියක් වූවාය.

'ඉවෝන් කියන්න බලන්න අර ඊයේ මම උගන්වපු සින්දුව කියන්න මුළු පන්තියටම ඇහෙන්න' ගුරුතුමිය කුඩා ඉවෝන්ට කී සැණකින් මේ දැරිය හඬ නඟා ඒ ගීිතය ගැයුවාය.

ඉවෝන්ට රඟපෑම තම මවගේ උරුමයෙන් ලැබී තිබුණාය. එදා ටවර්හෝල් නිළියක්ව සිටි ඉවෝන්ගේ මව සිල්වෙස්ටර් මාස්ටර්ගේ නාට්‍යයක රඟපෑ අයුරු ආසවෙන් බලා සිටියේ විස්මයෙන්ලු.

'මට එතකොට වයස හතක් විතර ඇති. මගේ අම්මා ලිලියන් එදිරිසිංහ සමඟ රඟපානවා මට හොඳට මතකයි. මම පවුලේ එකම දරුවා වූ මාව ඇගේ පිටිපසම එල්ලී සිටියා. මේ අතරේ මට එක දිනයක 'දුගී පැල' නාට්‍යය වේදිකා ගත වූ දවසක එහි පැමිණි ප්‍රධාන අමුත්තා ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණා. මම සබකෝලයක් නැතිව ගීත කීම නිසා ඒ නාට්‍යයේ ප්‍රධාන නළුවාගේ කුඩා දියණිය ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණා.

එදා මම හිතුවා කවද හරි මමත් අම්මා වගේ රඟපානවා කියලා. සිල්වෙස්ටර් මාස්ටර්ගේ නාට්‍යවල අම්මා රඟපාන කොට මම තාත්තාට තුරුලු වෙලා බලා හිටියේ කුතුහලයකින්. 'දුගී පැල' නාට්‍යයේ මට ලැබුණු ළමා චරිතය අනුව තිබුණේ සින්දුවක් කියමින් හිඟාකන අවස්ථාවක්. එදා මම නොසිතූ දෙයක් වුණා. නාට්‍ය බලන්න ඇවිත් ඉස්සරහ ආසනවල හිටිය අත මිට තියෙන අය සත පහේ දහයේ කාසි වේදිකාවට වීසි කළා. මම ඒ සල්ලි එකතු කරලා අම්මට දුන්නා. එදා මට මතක හැටියට ශත අසූවක් විතර එකතු වෙලා තිබුණා.'

හැත්තෑවේ දසකයේදී කොටහේනේ බ්ලූමැන්ඩල් තට්ටු නිවාසයේ පදිංචිව සිටි ඇය හමු වූ විට මට පැවසුවාය. ඒ වන විට ඇය චිත්‍රපට නිළියක ලෙස ඉහළටම නැඟී සිටියාය.

ඉවොන්ගේ කුඩා කාලයේ හින්දි චිත්‍රපට නැරැඹීමට ආශා කළාය. ඇගේ ප්‍රියතම හින්දි චිත්‍රපටය 'දුලාරි'ය. එහි රඟපෑ මධුබාලා හා සුරේෂ්ගේ රඟපෑම් බලා කොතරම් ආසාවාදයක් ලැබුවා ද යත් ඇය තාත්තාට කරදර කොට කිහිපවරක්ම එය නරඹා ඇත. චිත්‍රපටයේ රඟපෑම්වලට වඩා ඇයගේ සිත වඩාත් ඇදී ගොස් ඇත්තේ ගීතමය ජවනිකාවලටය. එය බලා ජනප්‍රිය නිළියක් වූ පසු ද ඇයට 'දුලාරි' චිත්‍රපටයේ ජනප්‍රිය ගීත කට පාඩමින් ගැයීමට පුළුවන්කම තිබුණි. ඇගේ ජීවිතයට චිත්‍රපට නිළි වරම ලැබී ඇත්තේ පාසල් යන කාලයේ සිටය.

'දවසක් මගේ තාත්තාගේ (ඇන්ටනි පෙරේරා) මිත්‍රයෙක් අපේ ගෙදර ආවා. මම ඔහු මීට පෙර දැක තිබුණේ නෑ. අම්මා ඔහුට තේ එකක් පිළිගැන්වූවා. අමුත්තා ඒකත් බී සිගරට් එකකුත් පත්තු කර ගත්තා. මම එහා මෙහා යන හැටි නිරීක්ෂණය කළ ඔහු මෙහෙම ඇහැව්වා.

'දුව කැමති නැද්ද පික්චර් එකක ඇට් කරන්න'

මම මේ ප්‍රශ්නයෙන් පුලපුලා බලා සිටි ආසාව ඉටු වෙන්න යනවා කියලා ලොකු සතුටක් ඇති වුණා. හරියට ජිම්කානා ලොතරැයියක් ලැබුණා වගේ. අම්මයි තාත්තයි එක්ක කතා කළ අමුත්තා යන්ට සූදානම් වී මට මෙහෙම කිව්වා. එදා ආවේ සිනමාස් සමාගමේ චිත්‍රපට නිෂ්පාදන කළමනාකරු ජේ. චාල්ස් පෙරේරා.

'හෙට පරීක්ෂණයක් තියෙනවා. අපි උත්සාහයක් කරලා බලමු'

පසුදා වනතුරු මට ඉවසුමක් නෑ. කෙසේ හෝ පසුදා මට තිබුණ හොඳම ඇඳුමත් ඇඳගෙන අම්මයි තාත්තයි එක්ක උදෑසන 10 ට පමණ කොටහේන ජම්පටා වීදිය අසළ හරස් පාරක තිබූ අලුත් හෙට්ටිවීදියේ අංක 117 හොයාගෙන සිනමාස් සමාගමට පයින්ම ගියා. එදා තවත් අපූරු සිද්ධියක් වුණා. පරීක්ෂණය අපේ වාරය එනතුරු ඉන්න කොට ජාතික ඇඳුම ඇඳ ගත් මහත්තයෙක් මා දෙස බලා මා වෙත පැමිණියා.

'මේ ඉන්නේ මගේ රොඩී කෙල්ල. මෙයා තමයි මගේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය' ඔහු කීවා.

'දුවේ ඒ කවුද දන්නවද? සිරිසේන විමලවීර මාස්ටර්' තාත්තා මගේ කනට කොඳුරා කිව්වා.

මම ගියේ වෙන චිත්‍රපටයක සම්මුඛ පරීක්ෂණයකටයි. එහෙත් ලැබුණේ වෙන චිත්‍රපටයක රඟපෑමට. කෙසේ වෙතත් මාව සිනමා නිළියක් කිරීමට මුල් අවස්ථාව දුන්නේ සිරිසේන විමලවීර මාස්ටර්. මා 'රොඩී කෙල්ල' චිත්‍රපටයට තෝරා ගත් බව ඇසූ තාත්තා මට හොඳටම බැන වැදුණා. පසුව දවස් දෙක තුනක් නොකා නොබී සිටීම නිසා මට රඟපෑමට අවසර දුන්නා. 'අම්මා වගේ එහෙනම් උඹත් නිළියක් වෙන්න ද හදන්නේ. හා . . . ගිහිල්ල බලපං' තාත්තා කැමැත්ත දුන්නේ නොකැමැත්තෙන්.'

ඉවෝන් එදා සිනමාස් සමාගමට ගිය පසු කොටහේනේ කිංස්ලි සිනමාහලට යාමට සිදුව ඇත. එතැනට නළු නිළියන්වීමේ අදිටනින් බොහෝ අය එහි පැමිණ ඇත. එදා සම්මුඛ පරීක්ෂණයට කරුණාරත්න අබේසේකර, හියුගෝ ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ටී. ආර්. සුන්දරම් ආදීන් ඉදිරියේ ඉවෝන් පෙනී සිටියාය.

'චිත්‍රාගාරයක් අපි හැඳල හදාගෙන යනවා. ඒකේ තවම වැඩ ඉවර නැහැ. ඒක පටන් ගත්තාම අද අපි තෝරා ගත්තු අයට අවස්ථාව ලබා දෙනවා.'

ඉවෝන් එදා බලාපොරොත්තු සුන් කරගෙන එළියට ආවත් එදා ඇය දැක්ක විමලවීර මාස්ටර් තෝරා ගත්තේ 'රොඩී කෙල්ල' නාට්‍යයටය. නාට්‍යයේ ඉවෝන් රඟපෑ ඡායාරූපයක් පුවත්පත්වල පළ වීම නිසා ඉවෝන්ට පාසල් යාමට පවා එපා වී ඇත. විදුහල්පතිනිය ඇය කාර්යාලයට කැඳවා හොඳටම දෙහි කපා තිබුණි. පාසල් නිවාඩුවෙන් පසු ඇය පාසලට ආයුබෝවන් කීවාය.

ඉවෝන්ගේ නම 'සන්ධ්‍යා කුමාරි' යයි නම තැබුවේ සිරිසේන විමලවීර මාස්ටර්ය. 'රොඩී කෙල්ල' චිත්‍රපටයේ මුල්ම රූපගත කිරීම තිබූ කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයට මුලින්ම ඉවෝන් ගොස් ඇත්තේ එක්තරා හැන්දෑවකය.

'ළමයා උඹ රඟපාන්න මුලින්ම ආවේ ලස්සන හැන්දෑවක. ඒ නිසා අද ඉඳලා 'ඉවෝන්' නෙවෙයි සන්ධ්‍යා. 'සන්ධ්‍යා කුමාරි'. විමලවීර මාස්ටර් ඉවෝන්ට කීවේය.

මේ අතර 1963 වසරේ විමලවීර මාස්ටර් 'රොඩී කෙල්ල' නාට්‍යය ඇසුරෙන් රූපගත කිරීම් ඇරැඹූ 'රොඩී කෙල්ල' චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑමට සන්ධ්‍යා කුමාරි හා ටෝනි රණසිංහ තෝරා ගත්තේය. 'රොඩී කෙල්ල' චිත්‍රපටය කරගෙන යද්දී විමලවීර මාස්ටර් 1963 අගෝස්තු 24 වෙනිදා මිය ගියේය. චිත්‍රපටයේ වැඩ කටයුතු ද අවසන් විය. මුල්වරට සන්ධ්‍යා චිත්‍රපටයක රඟපෑමට තෝරා ගත්තේ 'සැපත සොයා' චිත්‍රපටයටය.

ඒ සමඟම ඉවෝන්ට හැඳල විජය චිත්‍රාගාරයේ කළමනාකරු චාල්ස් පෙරේරාගෙන් කැඳවීමක් ලැබිණ.ඒ 'අදට වැඩිය හෙට හොඳයි' චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතිය ලෙසය. අධ්‍යක්ෂ එම්. මස්තාන්ය.

'මගේ ප්‍රියතම නළුවා ගාමිණී. 'රන්මුතු දුව' කීප වතාවක්ම බලලා තියෙනවා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ගාමිණී, ජීවරාණි,ජෝ සමඟ මටත් ප්‍රධාන චරිත රඟපෑමට ලැබීම මගේ චිත්‍රපට ජීවිතයේ ලොකු ජයග්‍රහණයක්. මට විජය චිත්‍රාගාරයෙන් මසකට රුපියල් 500 ක් බැගින් වැටුපක් ලැබුණා. මේ කාලේ මම 'අදට වැඩිය හෙට හොඳයි' 'ඔබ දුටුදා' 'අල්ලපු ගෙදර' 'අටවැනි පුදුමය' 'ධීවරයෝ' 'සූර චෞරයා' චිත්‍රපටවල රඟපෑවා. චිත්‍රපටයක රඟපෑවත් නැතත් මට එදා රුපියල් 500 ක් ගෙව්වා.'

තම සිනමා ජීවිතයේ අමතක නොවන සිද්ධිය ලෙස සන්ධ්‍යා මතක් කර ඇත්තේ 'ධීවරයෝ' චිත්‍රපටයේ රූපමය අවස්ථාවකි.

'මාළිගවේ මා රැජිනි

මුහුද යහන වේ

නෑ නෑ දොරගුලු මුරකාවල්

මිහිරි සැප මැවේ'

'මේ ගීතය රුප ගත කරන්න දවස් තුනක් ගියා. මේ දර්ශනය ගන්න විජය චිත්‍රාගාරයේ සිමෙන්තියෙන් තටාකයක් හැදුවා. මේ නිසා රාත්‍රී තුනක් මම නිදා මරාගෙන පාරුවකට වී මේ ගීතය ගයන්න වුණා. මේ ගීතයට මම කැමතයි. මම හිතන්නේ මට ගැළපෙන ගී හඬ සුජාතා අත්තනායකගේ කියලා. ඊට පස්සේ 'සූර චෞරයා' චිත්‍රපටයේ 'ඔංචිල්ලා තොටිලි කොහින්දෝ' ගීතයත් 'සකුන්තලා' චිත්‍රපටයේ 'හර්දේ රස මාලිගේ', 'සත පනහ' චිත්‍රපටයේ 'චන්ද්‍රා මේ රෑ පාය ආවා' වගේ ගීතවල සුජාතා ගැයූ ගීත මට හරියටම ගැළපුණා. ඔය සුජාතාගේ ජනප්‍රිය ගීත රැසක් මම චිත්‍රපටවල ගයා තිබෙනවා. කොටින්ම මාගෙන් අහල තියෙනවා 'සන්ධ්‍යා ඔයාම ද චිත්‍රපටවල සින්දු කියන්නේ 'කියලා. ඒ තරම්ම සුජාතා මට සමීපයි'

තමා රඟපෑ චිත්‍රපට අතරින් වඩා කැමති 'ධිවරයෝ' චිත්‍රපටයේ රොසලින් ගේ චරිතය බව ඇය කීවාය. 1965 සරසවිය සම්මාන උලෙළේදී සන්ධ්‍යා 'ධීවරයෝ' සඳහා විශේෂ සම්මානයක් දිනා ගත්තාය. ගාමිණී රඟපෑවේ ප්‍රැන්සිස්ගේ චරිතය. මේ චරිත දෙක එදා ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වුණා. 'ධීවරයෝ' චිත්‍රපටය තිරගත වූ දිනවල ඇයට පේ‍්‍රක්ෂකයින්ගෙන් බේරුමක් තිබී නැතිලු.

'චි, රොසලින් ප්‍රැන්සිස් අයියට කරපු වැඩේ කැතයි'

'ප්‍රැන්සිස් අයියා සීතලේ

ගැහැව්වා නේද බෝතලේ'

වැනි දෙබස් කිය කියා සන්ධ්‍යාට ප්‍රේක්ෂකයෝ වදේ ගැසූ හැටි ඇය වරක් අපට කීවේය.

සන්ධ්‍යා හා උපාලි 1968 ජනවාරි 08 වෙනිදා විවාහ වන්නේ ඇයට පෙම් කළ දහස් ගණන් ප්‍රේක්ෂකයින්ගේ සිහින කුමරියව සිටි අවදියකය. ඔවුන් අතර සිටි තරුණ මෝටර් රථ ඉංජිනේරු උපාලි පෙරේරා සන්ධ්‍යාගේ ආදරය දිනා ගත්තේය. උපාලිගේ සොහොයුරියක් සන්ධ්‍යා දැන හිටියේ ඇය 'අක්ක නගෝ' සත පනහ චිත්‍රපටවල රඟපාන කාලයේ සිටය.

1967 වසරේ කලා ලෝකයේ වඩාත් ආලෝලනය ගෙන දුන් සිද්ධිය වූයේ උපාලි හා සන්ධ්‍යාගේ ආදර කතාවය. ඒ කතාව 'සරසවිය' පුවත්පතට කොටස් 12 කින් සතිපතා ලිව්වේ එවකට නාවික හමුදාවේ සේවය නියුතුව සිටි ('සරසවිය' පුවත්පතේ නිදහස් ලේඛක අප අතර අද නැති) විමල් තිලකරත්න විසිනි. ඒ ගැන එවකට ජීවතුන් අතර සිටි විමල් 'සරසවිය' පුවත්පතට මෙසේ ලිවීය.

'මා විසින් 'සරසවිය' පුවත්පතට ලියා පළ කළ උපාලි හා සන්ධ්‍යාගේ පෙම් කතාව පුරා තුන් මාසයක් කොටස් 12 කින් පළ විය. සරසවිය පුවත්පත පිටපත් ලක්ෂය ඉක්මවා අලෙවියට අපේ තරුණ පෙළ අතර මහත් ආන්දෝලනයක් ඇති කිරීමට මේ ලිපි පෙළත් බලපෑවා. පින්තූර ගන්න මා සමඟ ගියේ කැමරා ශිල්පී රෙජී බුලත්සිංහල. මේ ලිපි පෙළ සංස්කරණය කොට සරසවිය පත්තරයෙන් ඉදිරිපත් කළේ සරසවියේ නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ හා කලා සංස්කාරක නිමල් පෙරේරා අබේවර්ධන.

'විමල් නරකද සන්ධ්‍යා කුමාරිගේ පෙම් කතාව ලිව්වොත්' කියලා මට මුලින්ම යෝජනා කළේ සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතා.

උපාලි හා සන්ධ්‍යා යුවලට දියණියන් දෙදෙනකු වූහ. දිල්හානි තනුජා හා ලුවිනි ඉමෝකා ඒ දෙදෙනාය. 1986 ඔක්තෝබර් 14 වෙනිදා උපාලි ගල්කිස්සේ ටෙම්පර්ස් පාරේදී වූ රිය අනතුරකින් මිය ගියේය.

සන්ධ්‍යා රඟපෑ චිත්‍රපට අතුරින් ඇය හාපුරා කියා රඟපෑ 'සැපත සොයා' චිත්‍රපටයට වඩාත් ඇලුම් කරන බව අපට කීවාය.

හැටේ දශකයේ වානිජ සිනමාවේ සුපිරි නිළි තාරකාවන් තිදෙනෙක් වූහ. ඒ සන්ධ්‍යා කුමාරි, ජීවරාණි කුරුකුලසූරිය හා විජිත මල්ලිකා ය. ඇයට බොහෝ විට රඟපෑමට ලැබුණේ දුෂ්ට චරිතය. එහෙත් වරෙක ඇය මවක්, පෙම්වතියක් ද අභියෝගාත්මක චරිත රඟපෑවාය. 'පටචාරා' හා 'පිනිබිඳු' චිත්‍රපට ඇය රඟපෑ අභියෝගාත්මක චරිත ගැන 1992 වසරේ 'සරසවිය' පත්‍රයේ උප කර්තෘ (පසුව සරසවිය කර්තෘ) අනුර බණ්ඩාර රාජගුරුට විස්තර කර තිබුණි.

'ප්‍රථම සිංහල බෞද්ධ චිත්‍රපටය ලෙස නම් කළ 'පටාචාරා' චිත්‍රපටයේ පටාචාරා චරිතය ඉමහත් ආන්දෝලයක් ඇති කළ චරිතයක් විය. ඒ ආන්දෝලනයක් ඇති කළ චරිතයේ අභියෝගය නිර්භීතව බාර ගත් නිළිය කවුරුන් වීද? පටාචාරවෝ සුරූපී සන්ධ්‍යා කුමාරි විය.

'කිරි ඉල්ලා හඬ හඬා සෙලුවැ දිවන්නා වූ දුවක දුටු මවක සේ බුදුන් වහන්සේ ඈට අනුකම්පා කළ සේක.'

'පටාචාරා'

'පටාචාරා, පිනිබිඳු වගේ චරිත මට අභියෝග වුණා. මා ඒවා බාර ගත්තා. මම රඟපෑවේ චිත්‍රපටයට අවශ්‍ය චරිතයක් විතරයි.

විමලවීර මාස්ටර් මාව 'රොඩී කෙල්ල' චිත්‍රපටයට තෝරා ගෙන සිටියදී මිය ගිය නිසා මගේ නිළි ජීවිතය අතරමඟ නැති වුණා. මේ කාලේ කොළඹ උප නගරාධිපති බී. නන්දිසේන කුරේ මහතා 'සැපත සොයා' කියලා චිත්‍රපටයක් පටන් ගත්තා. මේ චිත්‍රපටයේ කතාව හා දෙබස් ලියූ ධර්ම ශ්‍රී කල්දේරා මාව 'රොඩී කෙල්ල' චිත්‍රපටයේ රඟපානවා දැකලා තිබුණා. ඔහු මගේ ඡායාරූපය 'ලංකාදීප' පත්‍රයේ පළකරලා තිබුණා. ඔහුගේ යෝජනාවක් අනුව මාව 'සැපත සොයා' චිත්‍රපටයට තෝරා ගත්තා. මම 'සැපත සොයා' චිත්‍රපටයේ රඟපෑවේ ආනන්ද ජයරත්න සමඟ. ඊට පස්සේ අපි දෙදෙනාවම විමලනාත් දිසානායක අධ්‍යක්ෂණය කළ පටාචාරා චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකට තෝරා ගත්තා. නමුත් මගේ මුල්ම චිත්‍රපටය ලෙස තිරගත වුණේ 'අදට වැඩිය හෙට හොඳයි' චිත්‍රපටය. ඒ චිත්‍රපටය තිරගත වුණේ 1963 දී. පටාචාරා 1964 දීත් සැපත සොයා 1965 වසරේත් තිරගත වුණා' සන්ධ්‍යා එදා කීවාය.

සන්ධ්‍යා කුමාරි රඟපෑ චිත්‍රපට මෙසේය. උඩරට මැණිකේ, දීපශිඛා, ධීවරයෝ, සසරක හැටි, සිතක මහිම, අල්ලපු ගෙදර, ශත පනහ, සැනසුම කොතැනද, මහ රෑ හමු වූ ස්ත්‍රිය, සුජාගේ රහස, යටගිය දවස, ඇතුල්වීම තහනම්, සිහින හතක්, සම්පත, සුදු දුව, ඔබ දුටුදා, සැනසිලි සුවය, මඟුල් පෝරුව, රන් රස, ඉපදුණේ ඇයි, ඔක්කොම හරි, සූර චෞරයා, පිනිබිඳු, අක්ක නගෝ, බයිසිකල් හොරා, ඇමතිකම, හැංගි හොරා, අටවෙනි පුදුමය, නාරිලතා, කවුද හරි, සූරයන්ගෙත් සූරයා, සිංගප්පූර් චාලි, නීලා, සකුන්තලා, සිතක සුවඳ, අනුපමා, හිතට දුකක් නැති මිනිහා හා අලිබබා සහ හොරු හතලිය.

සන්ධ්‍යාගේ මව එක චිත්‍රපටයක රඟපා ඇත. ටී. අර්ජුනගේ 'කලියුග කාලේ' චිත්‍රපටයයි.

සන්ධ්‍යා 1992 වසරේ ශමල් ධනුෂ්ක සමඟ විවාහ විය. 1991 වසරේ තිරගත වූ 'අලිබබා හා හොරු හතළිහ' අගේ අවසාන රංගනය තිබූ චිත්‍රපටය විය. ඇය මේ චිත්‍රපටයට ඇලුම් කළේ තමා උපාලි පෙරේරා මුලින්ම මුණ ගැසුණේ එහි නිෂ්පාදක මොරටුවේ විමලසේන යුවළ නිසාය. ඒ 'අක්ක නගෝ' චිත්‍රපටය ඔවුන් නිෂ්පාදනය කරන කාලයේදීය. විමලසේන යුවළට සන්ධ්‍යා දැක් වූයේ අසීමිත ආදරයකි.

1994 ජූනි 02 වෙනිදා සන්ධ්‍යා මිය ගියාය.

ඒ. ඩී. රන්ජිත් කුමාර

Awards

National Awards

1 Special Awards Senasuma Kothanada - 1966 4th Sarasaviya Awards - 1967 - 1967
2 Best Performance Senasuma Kothanada - 1966 4th Sarasaviya Awards - 1967 - 1967
3 Favourite Co Actress 3rd Sarasaviya Awards - 1966 - 1966
4 Best Actress 1st Swarna Sanka Award Ceremony 1966 - 1966
5 For Best Performance Dheevarayo - 1964 2nd Sarasaviya Awards - 1965 - 1965

As a Cast

#Film NoYearFilm RoleDirector
1 851963 Adata Vadiya Heta Hondai අදට වැඩිය හෙට හොඳයි Actress M. Masthan
2 891963 Udarata Manike උඩරට මැණිකේ Actress M. Masthan
3 921963 Deepasika දීපශිකා Actress Kingsly Rajapaksha
4 971964 Dheevarayo ධීවරයෝ Main Actress M. Masthan
5 1021964 Patachara පටාචාරා Main Actress Wimalanath Dissanayaka
6 1041964 Sasaraka Hati සසරක හැටි Actress S. Ramanadhan
7 1051964 Sithaka Mahima සිතක මහිම Main Actress M.S. Anandan
8 1071964 Sujage Rahasa සුජාගේ රහස Actress P. Neelakantan
9 1081965 Sepatha Soya සැපත සොයා Actress B. Nandasena Cooray
10 1151965 Yatagiya Dawasa යටගිය දවස Main Actress W.M.S. Mahendran
11 1201965 Allapu Gedara අල්ලපු ගෙදර Actress M. Masthan
12 1211965 Satha Panaha සත පනහ Main Actress M.S. Anandan
13 1291966 Maha Re Hamuwu Sthriya මහ රෑ හමු වූ ස්ත්‍රිය Main Actress K. Venkat
14 1301966 Senasuma Kothanada සැනසුම කොතනද Actress K.A.W. Perera
15 1321966 Athulveema Thahanam ඇතුල්වීම තහනම් Main Actress M.S. Anandan
16 1331966 Sihina Hathak සිහින හතක් Actress Kithsiri Nihal Jayasinghe
17 1371966 Kapatikama කපටිකම Actress K.A.W. Perera
18 1391966 Sampatha සම්පත Actress S. Ramanadhan
19 1411966 Sudu Duwa සුදු දුව Actress Lenin Morais, Raja Joshua
20 1421966 Oba Dutu Da ඔබ දුටු දා Actress S. Sivananda
21 1441966 Sanasili Suvaya සැනසිලි සුවය Actress Robin Tampoe
22 1561967 Magul Poruwa මගුල් පෝරුව Actress S. Ramanadhan, B.A.W. Jayamanne
23 1611967 Ranrasa රන්රස Actress P. Ratnam
24 1621967 Ipadune Ai ඉපදුනේ ඇයි Actress S. Ramanadhan
25 1651967 Okkoma Hari ඔක්කොම හරි Main Actress Wijepala Hettiarachchi, S. Ramanadhan
26 1671967 Sura Chauraya සූර චව්රයා Main Actress M. Masthan
27 1681968 Pinibindu පිනිබිඳු Main Actress Chula Palagolla
28 1751968 Akka Nago අක්ක නගෝ Main Actress Vincent David
29 1761968 Bicycle Hora බයිසිකල් හොරා Main Actress K.A.W. Perera
30 1781968 Amathikama ඇමතිකම Main Actress Kithsiri Nihal Jayasinghe
31 1791968 Hangi Hora හැංගි හොරා Main Actress Rohini Jayakodi
32 1861968 Ataveni Pudumaya අටවැනි පුදුමය Main Actress M. Masthan
33 1911969 Naarilatha නාරිලතා Actress Thissa Liyanasuriya
34 1931969 Kauda Hari කව්ද හරි Main Actress Titus Totawatte
35 1971969 Surayangeth Suraya සූරයන්ගෙත් සූරයා Main Actress Lenin Morais
36 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Main Actress Dommie Jayawardena
37 3471977 Neela නීලා Actress Jo Suganda
38 3481977 Sakunthala සකුන්තලා Actress Villiam Olamas
39 3701978 Sithaka Suwanda සිතක සුවඳ Actress S.V. Chandran
40 3951978 Anupama අනුපමා Actress Sunil Ariyaratne
41 7051991 Hithata Dukak Nathi Miniha හිතට දුකක් නැති මිනිහා Actor Dinesh Priyasad
42 7051991 Hithata Dukak Nathi Miniha හිතට දුකක් නැති මිනිහා Actress Dinesh Priyasad
43 7161991 Ali Baba Saha Horu Hathaliha අලි බබා සහ හොරු හතලිහ Actress N. Vimalasena