Sumana Amarasinghe

Sumana Amarasinghe

සුමනා අමරසිංහ

Full Name: Denipitiya Vithanage Sumana Amarasinghe Born 21 February 1948 Died 05 June 2022

21 February 1948 - 05 June 2022

57.21% · 3,066 votes
Rate this artist

Summary

NameSumana Amarasinghe
Sinhala Nameසුමනා අමරසිංහ
Full NameDenipitiya Vithanage Sumana Amarasinghe
Born21 February 1948
Died05 June 2022

Biography

70 දශකයෙන් සිනමා ගමන ආරම්භ කරලා, ලාංකීය සිනමාව වර්ණවත් කළ නළු නිළි යුවළක් තමා රෝයි – සුමනා කියන්නේ. අද වෙද්දී රෝයි ද සිල්වා මහතා නම් සිනමා ගමනින් පමණක් නොව සිය ජීවන ගමනින්ද සමුගෙන වසරකුත් ඉක්ම ගිහින්. අද පිනිපලස “මගේ පළමු පියවර” ගැන සිහිපත් කරන්නේ සිංහල සිනමාවට අනුපමේය සේවාවක් කළ ප්‍රවීණ සිනමා නිළි සුමනා අමරසිංහ.

මම මුලින්ම පාසල් ගියේ ගල්කිස්සෙ බෞද්ධ බාලිකා විද්‍යාලයට. ඊට පස්සෙ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයට. මගේ ගම නුවර කටුගස්තොට. ඒත් අපි ගල්කිස්සෙ කුලී ගෙදරක පදිංචිවෙලා හිටියෙ. මගේ තාත්තා වැඩ කළේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. අපේ පවුලේ ගෑනු දරුවො හතර දෙනයි, පිරිමි දරුවො දෙන්නයි. මම අපේ පවුලෙ දෙවැනියා. මගේ අම්මා නම් කලාවට කැමැති කෙනෙක්, ඒත් අපේ තාත්තා එච්චරම කලාවට කැමැති කෙනෙක් නෙවෙයි.

කොහොම හරි මම සිනමාවට එන්නේ, ලස්සන මුහුණු තරගය නිසා. ලස්සන මුහුණු තරගයට ඉදිරිපත් වෙන කොට මම පාසල් යනවා. ඒ වෙද්දී මම හිටියෙ එස්.එස්.සී. පන්තියේ. මගේ ෆොටෝ එකක් නන්දා කියලා යාළුවෙක් ළඟ තිබිලා එයා මේ තරගයට මම නොදැනුවත්වම මගේ ෆොටෝ එක දාලා තියෙනවා. එදා ඒ තරගෙට දෙදාහක් විතර ඉඳලා තියෙනවා. මම ඒකෙන් තිහටත් තේරිලා තියෙනවා. පස්සේ පර්ෆෝම්ස් කරන්න තියෙනකොට එයාට ලියුමක් ඇවිල්ලා. එයාට යන්න බැහැනේ. ඒක නිසා එයා මට කිව්වා මම මෙහෙම දෙයක් කළා කියලා. මුලදී අම්මාත් දොස් කිව්වා. ඒත් අන්තිමට අම්මත් මාත් එක්ක ආවා. ඊට පස්සේ දහ දෙනාට තේරුණා. තුන්දෙනාටත් තේරුණා. පස්සේ විනිශ්චයට ආපු අය මාව චිත්‍රපටවලට තෝරා ගත්තා.

මට සිනමා ක්ෂේත්‍රය තෝරා ගන්න ඕනේ කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ. මම ආස කළේ හෙදියක් වෙන්න, නැතිනම් ගුවන් සේවිකාවක් වෙන්නයි. ගොඩක් දෙනෙක් කිව්වා ඔයාගේ උස නිසා ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන් කියලා.

ඉතින් එදා ලස්සන මූණ තරගෙ විනිශ්චය මණ්ඩලේ හිටපු රූබි ද මෙල්ගෙන් චිත්‍රපටයක රඟපාන්න ඇරයුම් ආවා. මම නම් එක පාරින්ම කැමති වුණා ඒත් අපේ තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ මම රඟපානවට. රූබි ද මෙල් ගෙදරටම ඇවිල්ලා කිව්වා, මමයි මේක නිෂ්පාදනය කරන්නේ දුවව එවන්න කියලා. ඔය අතර කාලේ මට දෙයියන්ගේ අසනීප හැදුණා. මම ඉතින් ලෙඩේටයි රඟපාන්න යන්න බැරි වෙන එකටයි දෙකටම ඉකි ගසා අඬන්න ගත්තා. ඒක බලන් ඉන්න බැරිම තැන තාත්තා කිව්වා පළවැනි චිත්‍රපටියෙ විතරක් රඟපාන්න යන්න දෙන්නම් එතැනින් එහාට නම් අහන්න එන්න එපා කියලා.

ඊට පස්සේ තමා මම පිපෙන කුමුදු චිත්‍රපටියෙ රඟපාන්න ගියේ. ඒ චිත්‍රපටියේ රුක්මණී දේවිත් හිටියා. මං ඉතින් බොහොම ආසාවෙන් රඟපෑම්වලට අම්මා එක්ක ගියා. ඊට පස්සෙ මට දිගටම චිත්‍රපටි කිහිපයක් ලැබුණා. මම ඒ හැම එකකටම ගියේ රුබී ඇන්ටිගෙ චිත්‍රපටියට යනවා කියලා. ඒවා තමා රෑන ගිරව්, දහසක් සිතුවිලි, බිනරමලී, සමනල කුමරියෝ, ඔය අතරේ මට ලැබෙන හයවැනි චිත්‍රපටිය තමයි හතර පෙරළිය. හතර පෙරළියත් අහම්බයක් වගේ, ඒක වෙන්නේ මෙහෙමයි. දවසක් මමයි අම්මයි පන්සලට යනකොට අපි ඉන්න තැන කාර් එකක් නැවැත්තුවා. එතකොට අපි දැනගෙන හිටියේ නැහැ ඒ එල්.එම්. පෙරේරා මහතා කියලා. අපේ අම්මට කිව්වා ආන්ටි මම කැමතියි දුවව චිත්‍රපටයකට ගන්න. මම තමයි එල්. එම්. පෙරේරා කියන්නේ, අපි ‘‘හතර පෙරළිය' කියලා චිත්‍රපටයක් කරනවා. ඒකට දුවව එක්කගෙන එන්න කියලා. ඉතින් අම්මා මාව එක්ක ගියා. එතැනදී මාව තෝරාගත්තා එල්.එම්. පෙරේරාගේ බිරිඳ විදියට. ‘‘හතර පෙරළිය' ගීතමය චිත්‍රපටයක්. හතර පෙරළියෙන් පෙරළියක් වුණා කියන්නේ මගේ සහකාරයා රෝයි ද සිල්වා හමු වුණා.

මම හරි ආසයි 'ගෙදර බුදුන් අම්මා', චිත්‍රපටයේ චරිතයට. ඒක ආදර්ශමත් කතාවක්. අම්මා කැමති නෑ පුතාව කොළඹට ඇරලා උගන්වන්න, ඒත් තාත්තා කැමතියි. කොළඹට ඇරලා උගන්නලා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලා ජනප්‍රිය වෙනවට. අන්තිමට එයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. ඒ නිසා අම්මා දුක් විඳිනවා. ඒ චරිතයට මම හරි ආසයි. ඒ වගේම සුදු පිරුවට, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රුක්මණී දේවි කළ චරිතය මට කරන්න ලැබුණා. ඒක මට ලැබුණු ලොකුම සම්මානයක් කියලා මං හිතනවා. ඒක රෝයි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්.

ඇගයීම් නම් මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඕනෑ තරම් තියෙනවා. සුදු පිරුවට චිත්‍රපටයට සම්මානයක් ඔන්න මෙන්න තියෙද්දී මට ලැබුණේ නැහැ. ඒ ගැන හරි කනගාටුයි. ඒකට මට ලැබුණේ කුසලතා සම්මානයක් විතරයි. පසුව නම් මට සම්මාන කීපයක්ම ලැබුණා. ඒ එක්කම මේ පසුගියදා පැවති සුමති සම්මාන උළෙලේදීත් මට ජීවිතේ එක් වරක් පිදෙන යාවජීව සම්මානය ලැබුණා.

මම කලාවට අමතරව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළුණා. 1980 රූපලාවණ්‍ය ගැන මම ඉගෙන ගත්තා. මම ඒ ගැන අධ්‍යාපනයක් ලැබුවේ ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව වගේ රටවලින්.

මම ඇත්තටම සතුටු වෙනවා. මම රෝයිගේ චිත්‍රපටවල තමයි වැඩියෙන්ම රඟපෑවේ. ප්‍රේක්ෂකයෝ නම් අහනවා ඇයි දැන් රඟපාන්නේ නැත්තේ කියලා. මට හොඳ ගැළපෙන චරිතයක් ලැබුණාම රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අනුෂා රණසිංහ

Sumana was born on 21 February 1948 in Katugastota, Kandy, Sri Lanka as the second child in a family with six siblings. Hi father worked in the Inland Revenue Department. Since her family could not stay in Kandy, they came to Colombo and stayed in a rented house in Mt. Lavinia. She first went to the Mount Lavinia Buddhist Girls' College and later to Kalubowila Buddhaghosha Maha Vidyalaya. She has one sister and four brothers.

Amarasinghe was married to Roy de Silva, who was also a renowned actor and director. She met de Silva during the 1969 film Hathara Peraliya. The wedding was celebrated on 30 August 1975. The couple have two children. De Silva died on 30 June 2018 while treated for a heart attack at Sri Jayawardenepura General Hospital. His remains were buried on 2 July 2018 at Borella Cemetery.

In 2014, Amarasinghe was admitted to the hospital due to sudden illness. During her tour to India for a film, she is known to have had a drink which contained a poison. It has affected her liver as well as her heart. At one point her heart even stopped. This germ has not entered her brain and she recovered slowly. She currently works at her own beauty shop, Salon Sumana.

She contested the beauty pageant "Lassana Muhuna", while she was in school times and won the title. Then she acted in the film Hathara Peraliya directed by L.M. Perera. Her maiden cinematic experience came through 1967 film Pipena Kumudu, directed by Ruby de Mel.[13] Her father allowed Sumana to go only for that movie due to Ruby de Mel. However, she lied to her father and later played a lot of other movies such as Rena Giraw, Dahasak Sithuvili, Samanala Kumariyo and Hathara Peraliya.

In addition to acting, she was involved in the beauty industry, where she learned beauty courses in India, Singapore, Canada in 1980. Her first major breakthrough came through 1975 film Sukiri Kella, which earned her nickname "Sweet girl in Sinhala cinema".

She acted in a few films with her real husband, which made a cult in Sinhala cinema. Then she joined Tissa Wijesurendra in many popular films screened for more than 100 days which include Sudu Paraviyo and Sithaka Suwanda. In 1982, she acted in Kadawunu Poronduwa remake, where she acted the role previously acted by Rukmani Devi. Even though she started film career with dramatic roles, she turned to comedy roles in later stages particularly through films directed by husband. Some of her popular films are Binaramalee, Sunethra, Jonsun and Gonsun and Re Daniel Dawal Migel trilogy.

Awards

National Awards

1 Best Performance Award Sudu Piruvata - 1994 23rd Sarasaviya Awards - 1995 - 1995
2 Best Performance Award Kadawunu Poronnduwa (New) - 1982 11th Sarasaviya Awards - 1983 - 1983

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1531967 Pipena Kumudu පිපෙන කුමුදු Actress Ruby De Mel
2 1641967 Rena Girawu රෑන ගිරවු Actress Dharma Sri Kaldera
3 1821968 Dahasak Sithuvili දහසක් සිතුවිලි Actress G.D.L. Perera
4 1941969 Hathara Peraliya හතර පෙරලිය Actress L.M. Perera
5 1981969 Binaramalee බිනරමලී Actress Mudalinayaka Somarathna
6 2091970 Sumudu Barya සුමුදු භාර්යා Actress Cyril P. Abeyratne
7 2101970 Den Mathakada දැන් මතකද Actress Neil Rupasinghe
8 2341971 Samanala Kumariyo සමනල කුමරියෝ Actress Wimaladasa Perera
9 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Actress Dommie Jayawardena
10 2471972 Hathara Wate හතර වටේ Actress L.M. Perera
11 2491972 Lokuma Hinawa ලොකුම හිනාව Main Actress K.A.W. Perera
12 2501972 Me Desa Kumatada මේ දෑස කුමටද Actress Thimothy Weerarathna
13 2581973 Suhada Pathuma සුහද පැතුම Actress Kingsly Rajapaksha
14 2641973 Sinavai Inavai සිනාවයි ඉනාවයි Actress Kingsly Rajapaksha
15 2651973 Sunethra සුනේත්‍රා Main Actress Joe Dev Ananda
16 2701974 Duleeka දුලීකා Actress K.A.W. Perera
17 2741974 Sheela ශීලා Actress K.wenkat, Jo Suganda
18 2951975 Obai Mamai ඔබයි මමයි Main Actress Joe Dev Ananda
19 3011975 Sukiri Kella සූකිරි කෙල්ල Main Actress Joe Dev Ananda
20 3051975 Mage Nangi Shyama මගේ නංගි ශ්‍යමා Actress M.S. Anandan
21 3091975 Ranwan Reka රන්වන් රේඛා Main Actress M.D.M. Daas
22 3151975 Sadhana සධානා Actress S. Ramanadhan
23 3161975 Hadavathaka Vasanthaya හදවතක වසන්තය Main Actress Sumanadasa Weerakodi
24 3421976 Mangala මංගලා Actress Titus Totawatte
25 3461976 Ranthilaka රන්තිලකා Main Actress W. Wilfred Silva
26 3471977 Neela නීලා Actress Jo Suganda
27 3491977 Sudu Paraviyo සුදු පරවියෝ Main Actress Kingsly Rajapaksha
28 3591977 Honda Hitha හොඳ හිත Main Actress Danny Mariyadasan
29 3661977 Tom Pachaya ටොම් පචයා Main Actress Stanly Perera, Roy De Silva
30 3671977 Nivena Ginna නිවෙන ගින්න Actress Amaranath Jayathilake
31 3701978 Sithaka Suwanda සිතක සුවඳ Main Actress S.V. Chandran
32 3731978 Mage Ran Putha මගේ රන් පුතා Main Actress M.V. Balan
33 3881978 Deepanjali දීපාන්ජලි Main Actress Darmasri Kaldera
34 3961979 Samanmalee සමන්මලී Actress Dayananda Jayawardena
35 4131979 Anusha අනුෂා Actress Dayananda Rodrigo
36 4211979 Nuwan Renu නුවන් රේණු Actress Milton Jayawardhana
37 4281980 Jodu Valalu ජෝඩු වළලු Main Actress Pathiraja L.S. Dayananda
38 4301980 Silva සිල්වා Actress Herbert Ranjith Peiris
39 4651981 Bamba Ketu Hati බඹා කෙටූ හැටි Actress Sunil Ariyaratne
40 4671981 Ajasaththa අජාසත්ත Actress Joe Micheal
41 4711981 Senasuma සැනසුම Actress W. Wilfred Silva
42 4841981 Hondama Naluwa හොඳම නළුවා Actress Sherly P.Wijerathna
43 4931982 Thana Giravee තණ ගිරවී Main Actress Roy De Silva
44 5041982 Pethi Gomara පෙති ගෝමර Actress Siri Kularathna
45 5081982 Rahasak Nathi Rahasak රහසක් නැති රහසක් Actress M.V. Balan
46 5181982 Mihidum Sihina මිහිදුම් සිහින Actress Daya Wimalaweera
47 5301982 Kadawunu Poronnduwa (New) කඩවුණු පොරොන්දුව (නව) Main Actress Roy De Silva
48 5351983 Sumithuro සුමිතුරෝ Main Actress Roy De Silva
49 5751984 Hitha Honda Kollek හිත හොඳ කොල්ලෙක් Actress Roy De Silva
50 5861984 Hadawathaka Vedana හදවතක වේදනා Main Actress Joseph Francis Lane
51 5951984 Birinda බිරිඳ Actress Dayananda Jayawardena
52 6091985 Aya Waradida Oba Kiyanna ඇය වැරදිද ඔබ කියන්න Actress W.Vilfrida Silva
53 6151985 Sudu Mama සුදු මාමා Main Actress Joseph Francis Lane
54 6421987 Thaththi Man Adarei තාත්ති මං ආදරෙයි Actress Roy De Silva
55 6541987 Ahinsa අහිංසා Actress Malani Fonseka
56 6571988 Gedara Budun Amma ගෙදර බුදුන් අම්මා Main Actress Roy De Silva
57 6601988 Angulimala අංගුලිමාල Actress Baptist Fernando
58 6701989 Okkoma Rajavaru ඔක්කොම රජවරු Actress V. Siwadasan, Thilak Wehalla
59 6891990 Madhu Sihina මධු සිහින Actress Daya Wimalaweera
60 6931990 Kristhu Charithaya ක්‍රිස්තු චරිතය Actress Sunil Ariyaratne
61 6951990 Hitha Hoda Puthek හිත හොඳ පුතෙක් Actress Roy De Silva
62 7151991 Cheriyo Doctor චෙරියෝ ඩොක්ටර් Actor Roy De Silva
63 7381992 Okkoma Kanapita ඔක්කොම කණපිට Actress Roy De Silva
64 7391992 Rumathiyai Neethiyai රූමතියයි නීතියයි Actress Mu Arukgoda
65 7431992 Sathya සත්‍යා Actress Ranjith Siriwardhana
66 7541993 Sasara Serisaranathek Oba Mage සසර සැරිසරනතෙක් ඔබ මගේ Actor Ananda Wickramasinghe
67 7561993 Mevila Penevi Rupe මැවිලා පෙනේවි රූපේ Actress Alaric Lionel Fernando
68 7761994 Nohadan Kumariye නොහඩන් කුමරියේ Actress Ranga Wijendra
69 7931994 Sudu Piruvata සුදු පිරුවට Main Actress Roy De Silva
70 7941994 Love 94 ලව් 94 Actress Roy De Silva
71 7991995 Cheriyo Captain චෙරියෝ කැප්ටන් Actress Roy De Silva
72 8431996 Cheriyo Darling චෙරියෝ ඩාලින් Actress Roy De Silva
73 8531997 Ramba Saha Madhu රඹා සහ මධු Actress Roy De Silva
74 8741998 Re Daniel Dawal Migel 1 රෑ දනියෙක් දවල් මිගෙල් 1 Actress Roy De Silva
75 9102000 Re Daniel Dawal Migel 2 රෑ දනියෙල් දවල් මිගෙල් 2 Actress Roy De Silva
76 9342001 Jonson And Gonson ජොන්සන් ඇන්ඩ් ගොන්සන් Actress Roy De Silva
77 9532002 Sansara Prarthana සංසාර ප්‍රාර්ථනා Actress Sunil Soma Peiris
78 9682002 Love 2002 ලව් 2002 Actress Roy De Silva
79 10632007 Mister Dana Rina මිස්ට ධන රින Actress Roy De Silva

As a Crew

Producer

#Film NoYearFilm RoleDirector
1 3661977 Tom Pachaya ටොම් පචයා Producer Stanly Perera, Roy De Silva
2 4931982 Thana Giravee තණ ගිරවී Producer Roy De Silva
3 7931994 Sudu Piruvata සුදු පිරුවට Producer Roy De Silva
4 8431996 Cheriyo Darling චෙරියෝ ඩාලින් Producer Roy De Silva

Upcoming Films

#Film RoleDirector
1 Sadadara Jothi සදාදර ජෝති Actress Roy De Silva
2 Sihina Lowak Soya සිහින ලොවක් සොයා Producer Roy De Silva

Other Type Films

Actress

#Film NoYearFilm Movie Group RoleDirector
1 52013 It’s a Matter of Love English Actress Roy De Silva

Producer

#Film NoYearFilm Movie Group RoleDirector
1 52013 It’s a Matter of Love English Producer Roy De Silva