Swarna Kahawita

Swarna Kahawita

ස්වර්ණා කහවිට

Born 01 November 1946 Died 23 May 2022

01 November 1946 - 23 May 2022

62.3% · 2,188 votes
Rate this artist

Summary

NameSwarna Kahawita
Sinhala Nameස්වර්ණා කහවිට
Born01 November 1946
Died23 May 2022

Biography

1969 වසරේ තිරගත වුණු බිනරමලී චිත්රපටයේ බිනරමලී ලෙස ප්රධාන චරිතයට පණ පෙවූ ඇය 1970 වසරේදී සරසවිය සම්මාන උළෙලේ සිය රංගන භූමිකාව වෙනුවෙන් වසරේ හොඳම නිළියට හිමි සරසවිය සම්මානය දිනා ගන්නවා. ලංකාවේ රංගන ක්ෂේත්රයේ දැනට ඉන්න ප්රවීණ රංගන ශිල්පිනියන් අතරින් තාමත් රංගන ක්ෂේත්රය තුළ ඇගේ නම අපූරුවට රඳවාගත් අපූරු රංගන ශිල්පිනියක් තමයි ස්වර්ණා කහවිට. සරසවිය හොඳම නිළිය ලෙස සම්මානය ලැබීමත් එක්ක ඇය චිත්රපටවල ප්රධාන චරිත සඳහා තෝරා ගන්නවා. ලස්සන දවසක්, රන් ඔන්චිල්ලා ,පූජිතයෝ, හරි යනකොට ඔහොම තමයි ,අබිරහස, සිරිල් මල්ලි, සසර, ඔන්න බබෝ බිල්ලො එනවෝ, නිවෙන ගින්න, සූරයා සූරයාමයි, හරිම බඩු තුනක් වගේ චිත්රපට 35කට ආසන්න සංඛ්යාවකට ඇය රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. ඇය සමඟ වැඩි වාර ගණනක් ප්රධාන චරිතයක් ලෙස චිත්රපටවලට රංගන දායකත්වය ලබා දෙන්නේ එවකට රංගන ක්ෂේත්රයේ දැවැන්ත චරිතයක් වන විජය කුමාරතුංගයන්. ඇය අවසාන වශයෙන් රංගනයෙන් දායක වුණේ කඳපොල කුමාරතුංගගේ ‘දයාබර නිලූ’ චිත්රපටයේ.

ඇගේ රංගනයට ප්රවිෂ්ට වීම ගැන කතා කරන විට දෙමව්පියන්ගේ දැඩි අකමැත්ත මත තමයි ඇය රංගනයට ප්රවිෂ්ට වන්නේ. සරසවිය පුවත්පතේ සඳහන් වූ බිනරමලී චිත්රපටයට නිළියන් තේරීමේ දැන්වීමට දාපු පිළිතුරු ලිපියක් නිසාවෙන් තමයි ඇයට මේ අවස්ථාව හිමිවන්නේ. නමුත් ඇය රංගනයෙන් දායක වුණු බිනරමලී නිසාම ඇයට සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන්නටත් හැකියාව ලැබෙනවා. ඇගේ වැඩිමහල් සහෝදරයා තමයි ආරියරත්න කහවිට. ඔහු සිනමාවට සම්බන්ධ රංගන ශිල්පියෙක්. නමුත් රංගන ශිල්පිනියක් වෙනවට අයියත් කැමති නැති බවක් තමයි ඇය පවසලා තිබුණේ.

කුඩා කාලයේ පටන් තිබිච්ච ආසාවක් නිසාවෙන් ඇය රංගනය නවත්වලා ජපානයට යන තීරණය කරනවා. ඉතින් එහිදී ඇයට අවස්ථාව ලැබෙනවා මුද්රණ ආයතනයක සේවය කරන්න. සේවය කරන අතරතුරේ දී මවට අංශභාගය වැලඳීම නිසාවෙන් ඇයට සිද්ධ වෙන නැවත ලංකාවට පැමිණෙන්නට. ලංකාවට පැමිණෙන මුල් කාලයේදී ඇයට ටෙලිනාට්ය සඳහා ආරාධනා ලැබුණත් ඒ සියල්ල ගිලිහී යනවා.

ස්වර්ණා කහවිට කියන්නේ අදටත් තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්.දෙමව්පියන්ගේ තිබූ දඩි අකමැත්ත නිසාවෙන් ඇයට සිදු වෙනවා එවකට තිබූ ආදරසම්බන්දය නවතා දමන්නට.ආදරය උපරිමයෙන් විදපු කෙනෙක් විදියට එය අතහැර දමන්නට ඇය සූදානම් නෑ කියල තමයි ඇය කියන්නෙ. නිවසෙන් කොතෙකුත් යෝජනා ආවත් ඇය ඒ කිසිවකට කැමති වන්නේ නැහැ .විවාහ වෙන්න කියා බලකලත් මම කැමති කෙනා නොලැබුණු නිසාවෙන් විවාහ නොවන බව ඇය පවසලා තිබුනා.ජපානයට යන්නට කළ තීරණයත්, රංගනයෙන් ඉවත් වෙන්නට කළ තීරණයටත් හේතුව වෙලා තිබුණේත් ඇයගෙ ආදර සම්බන්ධය නැවැත්වීම.

ජීවිතයේ ගොඩක් ප්රශ්න දැන් වෙනකොට අඩුවෙලා ගිහින් තියෙන නිසා වයසට ගැළපෙන හොඳ චරිතයක් රඟපාන්න කැමැත්තෙන් සිටින බව සඳහන් කරලා තිබුනා .ජීවිතය ගැන ආපසු හැරිලා බලද්දී මෙතෙක් ගලාගෙන ආපු ගැටලු ප්රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියනවා. නමුත් ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව, කඳුළු සලන්නේ නැතුව ජීවිතය ජය ගත්තා වගේ ඉදිරියටත් පිනක් දහමක් කරගෙන සතුටින් ජීවත් වෙන්නට බලාපොරොත්තු වෙනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ.

Awards

National Awards

1 Best Actress Binaramalee - 1969 7th Sarasaviya Awards - 1970 - 1970

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1641967 Rena Girawu රෑන ගිරවු Actress Dharma Sri Kaldera
2 1981969 Binaramalee බිනරමලී Main Actress Mudalinayaka Somarathna
3 2231971 Poojithayo පූජිතයෝ Actress W.A.B. De Silva
4 2261971 Ran Onchilla රන් ඔන්චිල්ලා Main Actress Dharma Sri Kaldera
5 2291971 Abhirahasa අභිරහස Actress Lenin Morais
6 2661973 Hondai Narakai හොඳයි නරකයි Actress Lenin Morais
7 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Main Actress Lenin Morais
8 2921975 Suraya Surayamai සූරයා සූරයාමයි Actress Lenin Morais
9 3031975 Siril Malli සිරිල් මල්ලි Main Actress Joe Micheal
10 3141975 Lassana Dawasak ලස්සන දවසක් Main Actress Nimal Silva
11 3281976 Harima Badu Thunak හරිම බඩු තුනක් Actress Ananda Hewage
12 3361976 Unnath Daahai Malath Daahai උන්නත් දාහයි මලත් දාහයි Actress Lenin Morais
13 3391976 Onna Maame Kella Panapi ඔන්න මාමේ කෙල්ල පැනපි Actress Lenin Morais
14 3521977 Hariyanakota Ohoma Thamai හරියනකොට ඔහොම තමයි Main Actress Gamini Hewawitharana
15 3671977 Nivena Ginna නිවෙන ගින්න Actress Amaranath Jayathilake
16 3921978 Sasara සසර Actress K.A.W. Perera
17 4801981 Dayabara Nilu දයාබර නිලූ Actress Kandapola Kumarathunga

Other Type Films

Main Actress

#Film NoYearFilm Movie Group RoleDirector
1 51967 Rahas Dupatha රහස් දූපත 16mm Main Actress Ervin Jayamanna