සාරාංශයඡායාරූපඥාති සබඳකම
Dommie Jayawardena
ඩොමී ජයවර්ධන
1927 - 1979
61.586967945349
62% |   1903  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Dommie Jayawardena ඩොමී ජයවර්ධන
Dommie Jayawardena
  • උපන්දිනය : 1927 June 25
  • විපත : 1979 December 28
  • සම්මාන

    1Favourite Co Actor
    3 වැනි සරසවිය සම්මාන උළෙල - 1966
    2Special Awards
    6 වැනි සරසවිය සම්මාන උළෙල - 1969
    පුංචි බබා
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1සුජාතා
    නළුවා
    1953
    2වරද කාගේද
    නළුවා
    1954
    3රදල පිළිරුව
    නළුවා
    1954
    4සැඩසුලන්
    නළුවා
    1955
    5දුප්පතාගේ දුක
    නළුවා
    1956
    6සූරසේන
    නළුවා
    1957
    7දෙයියන්නේ රටේ
    නළුවා
    1958
    8සිහිනය
    ප්‍රධාන නළුවා
    1959
    9සුභද්‍රා
    ප්‍රධාන නළුවා
    1960
    10කුරුළු බැද්ද
    නළුවා
    1961
    11සුහද දිවි පිදුම
    නළුවා
    1962
    12සුදු සඳේ කළු වලා
    නළුවා
    1963
    13කල කල දේ පල පල දේ
    නළුවා
    1964
    14සුභ සරණ සැප සිතේ
    නළුවා
    1964
    15සැමියා බිරිඳගේ දෙවියාය
    ප්‍රධාන නළුවා
    1964
    16සමාජයේ අපි ඔක්කොම සමානයි
    නළුවා
    1964
    17සැපත සොයා
    නළුවා
    1965
    18චන්ඩියා
    නළුවා
    1965
    19සතුටයි කඳුලයි
    ප්‍රධාන නළුවා
    1965
    20හතර මහා නිධානය
    නළුවා
    1965
    21හිතට හිත
    නළුවා
    1965
    22ළඳක මහිම
    ප්‍රධාන නළුවා
    1965
    23සුදු දුව
    නළුවා
    1966
    24ලයට ලය
    ප්‍රධාන නළුවා
    1966
    25හතර කේන්දරේ
    නළුවා
    1967
    26දරු දුක
    ප්‍රධාන නළුවා
    1967
    27අමතක වුනාද
    නළුවා
    1967
    28මගුල් පෝරුව
    නළුවා
    1967
    29පුංචි බබා
    නළුවා
    1968
    30අක්ක නගෝ
    නළුවා
    1968
    31හැංගි හොරා
    නළුවා
    1968
    32රුහුණු කුමාරි
    නළුවා
    1968
    33කව්ද හරි
    නළුවා
    1969
    34දැන් මතකද
    නළුවා
    1970
    35ආත්ම පූජා
    නළුවා
    1970
    36කලණ මිතුරෝ
    නළුවා
    1971
    37සිංගප්පූරු චාලි
    ප්‍රධාන නළුවා
    1972
    38හතර වටේ
    නළුවා
    1972
    39හදවත් නැත්තෝ
    නළුවා
    1974
    40ලසඳා
    නළුවා
    1974
    41වාසනා
    නළුවා
    1976
    42හරියට හරි
    නළුවා
    1976
    43දෙයියන්ගේ තීන්දුව
    නළුවා
    1976
    44සුදු පරවියෝ
    නළුවා
    1977
    45හිතුවොත් හිතුවාමයි
    නළුවා
    1977
    46සජා
    නළුවා
    1977
    47හිඟන කොල්ලා
    නළුවා
    1979
    48දිවි තිබෙන තුරු
    නළුවා
    1979
    49මොණරතැන්න
    නළුවා
    1979
    50අනුෂා
    නළුවා
    1979
    51ටක් ටික ටුක්
    නළුවා
    1980

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1දරු දුක
    අධ්‍යක්ෂණය
    1967
    2සිංගප්පූරු චාලි
    අධ්‍යක්ෂණය
    1972

    ගීත සඳහා දායකත්වය

    1සුජාතා
    • ගායනය - මෙන්න මැණිකෝ මෙතන
    1953
    2දුප්පතාගේ දුක
    • ගායනය - සේතනි අයියගේ හෝටලේ
    1956
    3සිහිනය
    • ගායනය - පැදපල්ලා හිතට අරන්
    • ගායනය - මාසේ පෝයදා
    1959
    4සුභද්‍රා
    • ගායනය - බාරි මගේ් නටාපන්කෝ
    1960
    ජීවදත්ත

     මුත්තනුවන් පිළිබඳ මිණිබිරියකගේ සටහන

     තමා සතු අසම සම රංගන කෞශල්‍යයෙන් සිංහල සිනමාවේ නොමැකෙන මතක සටහන් තැබූ ඔහු මගේ ආදරණීය සීයා යන ඒ සබඳකම ඇතිවීම මා ජීවිතයේ ලද සුවිසල්ම වාසනාවයි. මේ මස 28 වන දිනට මගේ සීයා සිනමාවෙන්, අපෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම සමුගෙන හරියටම වසර 31 කි.
     
    ඔහු පිළිබඳ සැමරුමක් ලියන්නට ඉඩක් ලැබෙද්දී මගේ නෙතට නැගුනේ කඳුලකි. ඒ කඳුළු සීයා වෙනුවෙන් උපන් සෙනෙහසත්, අද ඔහු සිටියා නම් යැයි සිතට දැනුන හැඟීමත් නිසාවෙන් උපන්නකි.
     
    සීයා ගැන අහන්නට තාත්තා ද අප අතර නොමැති වීම නිරතුරු සිතට ගෙන එන්නේ සංවේගයකි.
     
    මගේ අම්මා, තාත්තා සමඟ විවාහ වී තාත්තාගේ මහ ගෙදර වූ නුගේගොඩ නිවසට පැමිණ ඇත්තේ 1974 දීය. එතැන් පටන් අම්මාගේ ‘මහ ගෙදර’ද එයම විය. සිංහල සිනමාවේ දුෂ්ටයා වුවද, මගේ් අම්මාට ඔහු මාමණ්ඩියක නොවී සෙනෙහෙබර පියෙකු විය. ඒ නිසාම අදටත් අම්මා සීයා අමතන්නේ මගේ් තාත්තා ඇමතූ “පප්පා” යන නාමයෙනි. ඒ නිසාම ඔහු අපට “සීයා පප්පා” විය.
     
    නුගේගොඩ මහ ගෙදරට මා බිළිඳීයක ලෙස ගොඩ වදින්නේ අම්මා සහ තාත්තාගේ විවාහයෙන් වසර 3 කට පසුවය. මා කුස දරා හිඳීන සමයේදී අම්මාට ප්‍රිය වූ සියලු දේ නො අඩුව ලබා දෙමින් සීයා පප්පා පුල පුලා බලා හිඳ ඇත්තේ මා දකින්නටය. මගේ තාත්තා ඔහුගේ වැඩිමහල් පුත්‍ර රත්නයයි.
     
    තම වැඩිමහල් පුතාගේ කුළුඳුල් දරුවා දකින්නට ඔහු නොඉවසිල්මත්ව හිඳින්නට ඇතැයි මට සිතේ. අම්මා මා මෙලොවට බිහි කරන්නට රෝහලට පිටත්ව යද්දී, අම්මාගේ ඉදිරියට පැමිණ ඇත්තේ සීයා පප්පාය. “බුදු පහන තබා යන්නැයි” අම්මාට පවසා ඇති ඔහු අම්මාගේ හිස අතගාමින් “බය වෙන්නෙ නැතුව ගිහින් එන්න”යි පැවසූ බව අම්මා දිනෙක මා සමඟ පැවසුවාය.
     
    නුගේගොඩ නිවසට මා පැමිණෙද්දී, රාණි නැන්දිගේ් පුතා සහ දුව කුඩා වියේ පසු විය. ඒ අතරින් සීයා පප්පාගේ නොමද ආදරය රාණි නැන්දීගේ පුතු රවි අයියා වෙත ලැබුන බවද අම්මා නිතර පවසයි. මට අවුරුද්දක් පිරෙද්දී මගේ නංගා හර්ෂාද මහ ගෙදරට පැමිණියේ එතෙක් අපි එහි විඳි සුව විඳින්නටය. මටත් – නංගාටත් මහ ගෙදරින් ලැබුණේ අසීමිත වූ සෙනෙහසකි. බිළිඳියකව සිටියදී මාවත්, නංගාගේ උපතින් පසු ඇයවත් ගෙදර සාලයේ බිම තබා අත්පුඩි තලමින්, බිම දිගා වී සිටින අප වටා රවුමක් යමින් ඔහු අප හුරතල් කර ඇත.
     
    සීයා පප්පාගේ මරණය සිදුව ඇත්තේ මට වසර දෙක පිරුණ පසුවය. ඔහු සිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් නොපිරිහෙළා ඉටු කළ ආදරණීය පියෙකු බව අම්මා පවසයි. සීයා පප්පා කොහේ හෝ යන විට මනාව සැරසෙන අතර, ඔහුගේ ඇඳුම් මැදීම සහ සපත්තු ඔප දැමීම සිදු කර ඇත්තේ් රාණි නැන්දීය. “පප්පාට සපත්තු දෙකෙන් මූන පේන තරමට පොලිෂ් කරන්න ඕන” රාණි නැන්දි පවසන අයුරු මට මතකය.
     
    මගේ් දෙවෙනි උපන් දිනයදා පවුලේ සියලු දෙනා එක්ව ගත් ඡායාරූපය අදටත් මා ළඟ සුරැකිව තිබේ. ඒ සීයා පප්පා පවුලේ අය සමඟ එකට ගත් අවසන් ඡායාරූපයයි.
     
    ඔහුගේ මරණින් පසු ‘මහා ගෙදර’ තුළ රැඳුණේ දැඩි හිස් බවකි. එයිනුත් වසර කීපයකට පසු සිදු වූයේ, සිදු නොවිය යුතු දේ පමණි.
     
    මේ ලිපිය ලියන මොහොතේත් සිත පුරා දැවටි දැවටී තියෙන්නෙ සංවේගයකි. නෙත් පුරා රඟන්නේ ඒ සංවේගය නිසාවෙන් උපන් කඳුළුය. සීයාගේ මරණින් පසුව අපේ ජීවිතවලට සිදු වූ කිසිවක් ඔහු ජීවත්ව සිටියා නම් සිහිනයකින් හෝ සිදු නොවන බව මම ඉඳුරා දනිමි.
     
    ‘අහිංසා’ චිත්‍රපටයේ දෙබස් කැවීමට යද්දී මම වයස අවුරුදු 8 ක පමණ කුඩා දැරියකි. මාලිනී අක්කා මා දැක කීවේ “මේ ඉන්නෙ ඩොමී අයියා” කියාය. පුංචි මට එදවස ඒ කිසිවක් ගැන එතරම් හැඟීමක් නොතිබුණි. එහෙත් පසුකාලීනව “ඩොමී ජයවර්ධනගේ මිණිබිරිය” ලෙස හැඳින්වීම තරම් අහිංසක ආඩම්බරකමක් දනවන වෙන කිසිවක් මා තුළ නොවුනි.
     
    අදටත් මගේ සීයා පප්පා ගැන බොහෝ අය කතා කරයි. සිනමා ලෝකයේ අද්විතීය ඔහු, ඔහුගේ මිණිබිරියගේ සිතේ් හැමදාමත් මහා වීරයෙකි. සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් කැප වූ ඔහුට නිසි ඇගයීමක් නොලැබීම පිළිබඳව කණගාටුවක් සිතේ් නැතුවා නොවේ.
     
    කෙසේ හෝ වේවා සීයා පප්පා නිරතුරු මා මතකයේ රැෙඳයි. අද තාත්තා ද ජීවතුන් අතර නොවේ. තාත්තා තුළ තිබුන අසීමිත සංවේදී බව, සීයා පප්පා තුළද නොඅඩුව තිබෙන්නට ඇතැයි මට සිතේ. ජීවිතය පුරා දැනෙන තාත්තාගේ් සුවඳ මට සිහිගන්වන්නේ සීයා පප්පාගේ ජීවන සුවඳ මිස අන් කිසිවක් නොවේ. සත්තකින්ම සීයා පප්පා සිටියා නම් අදටත් නුගේගොඩ මහා ගෙදර තුළින් එදා ඇසුනු සතුටු හඬ අපට ඇසෙන්නට තිබුණි.
     
    පවුල තුළ තිබුණ නොබිෙඳන බැඳීම, එලෙසින්ම පැවතෙන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට සීයා පප්පා වැඩිකල් නොගොසින්ම අප හැර ගියේය. අදටත් ඉඳහිට රූපවාහිනියෙන් ඔහු රඟපෑ චිත්‍රපටයක් පෙන්වද්දී “අම්මෙ ඩොමී සීයාව පෙන්වනවා” යැයි මගේ් පුතු සඳගෝමි පවසද්දී නෙතට උනන කඳුලක් සමඟ සිතට නැගෙන්නේ “අනේ ඔබ හිටියා නම් සීයා පප්පේ” කියන හැඟීම පමණි.
     
    - බුද්ධිනී ජයවර්ධන
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS