සමන්ති ලැනරෝල්

සමන්ති ලැනරෝල්

Full Name: Samanthi Lanarole උපත 21 January 1944

21 January 1944

61.89% · 1,924 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසමන්ති ලැනරෝල්
සම්පූර්ණ නමSamanthi Lanarole
උපත21 January 1944

චරිතාපදානය

මගේ පෙම්වතා හැටියට වැඩිපුරම රඟපාලා තියෙන්නෙ ෆ්‍රෙඩී සිල්වා

මගේ සැමියා නැති වුණාට පස්සේ මම ගොඩක් අසරණ වුණා

සමන්ති ලැනරෝල් කියන්නේ හැටේ දශකයේ සිනමාවට සම්බන්ධ වුනු රංගන ශිල්පිනියක්. සිනමාව, පුංචි තිරය වගේම වේදිකා නාට්‍ය සදහාත් සම්බන්ධ වෙන සමන්ති ඇයගේ ජිවිතේ ගැන මේ විදිහට කතා කරනවා. මේ ඒ කතාබහ ගැනයි.

මේ අගෝස්තු 24 වන දා ජාතික චිත්‍රපට සංස්ථාවේදී සවස 3.00ට මගේ සිනමා දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් උපහාර උලෙළක් පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ ගැන මට දැනෙන්නෙ පුදුමාකාර සතුටක් !

කලක් වාණිජ සිනමාවට නැතුවම බැරි වූ ඇය අද ගතකරන්නේ හු‍‍ෙදකලාවූ දිවිපෙවතකි. 'විජය ධර්ම ශ්‍රී' ගේ දුහුළු මලක්හි ‘ලෙච්චමී‘ ලෙස ඇය ඉදිරිපත් කළ ඒ අපුර්වතම රංගනය තාමත් අපට අමතක නැත. සිය ප්‍රතිභාපූර්ණ රංගන හැකියාව නිසා අසිමිත ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිණියකු වූ 'සමන්ති ලැනරොල්' සිනමාව , පුංචි තිරය හා වේදිකාව ජයගත් රූපණවේදිනියකි. හැටේ දශකය අග භාගයේදී රංගනයට පිවිස සිනමාවට එක්ව අඩසිය වසක් ගතවි ඇත. ඇගේ රංගන දිවියේ ප්‍රතිභාව අගයමින් ජාතික චිත්‍රපට සංස්ථාව හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ඇය වෙනුවෙන් උපහාර උලෙළක් සංවිධානය කර ඇති බව අපට දැනගන්නට ලැබුණේය. ඒ ගැනත්, ඇගේ අලුත්ම ‍තොරතුරුත් ඔබට සමීප කරවීමේ අටියෙන් අප ඇය සොයා අතුරුගිරියේ ඇගේ නිවහනට ගොඩවැදුණෙමු.

ළෙන්ගතුව අප පිළිගත් ඇය මා අසලය. 'රජ ගෙදර පරවියෝ,අවරගිර, ආදර රත්නේ, අහිංසා, ජය සිකුරු ඇතුළු චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය සැපයූ මේ රංගන ශිල්පිණිය සහ ඇගේ සම්මාන අප ඡායාරුප ශිල්පී රුවන් ද සිල්වා ඔහුගේ කාමරා කාචයට ගන්නා අතර තුර මම ඇය සමඟ කතාබහ ඇරඹුවෙමි.

“මේ දවස්වල සොබා දහමත් එක්ක මම වැඩිපුර කාලය ගතකරනවා.“ ඇය එලෙස කියාගෙන ගියේ ගෙමිදුලේ ඇය විසින් සිටුවන ලද නා නා විද විසිතුරු මල්වගාව දෙස නෙත්යොමුකරමිනි.

පසුගිය දිනවල ඔබ අසනීපෙන් සිටි බව දැනගන්න ලැබුණා..

ඔව්. දැන් මට සනීපයි. විවේකී සුවයෙන් කාලය ගත කරනවා. රංගනය පිළිබද නවකයින්ට වැඩමුළු පවත්වන්නත් දුර පළාත්වලට යනවා. විවේකයක් ලැබෙන හැම වෙලාවක්ම මම වෙන් කරන්නේ මල් පැළ නඩත්තු කරන්නයි.

ඔබේ සිනමා ජීවිතයට හරියටම අඩසිය වසරක් ගතවෙලා, ඒ ගැන මොකද හිතෙන්නෙ?

පුදුම සතුටක් දැනෙනවා. අනේක විද දුක්කම් කටොලු විඳ දරාගෙන මෙතෙක්දුර ගමනක් ආවා නේද කියලා ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවම සතුටු වෙනවා.

ඇය එසේ පවසද්දී ඇගේ දෙනෙතින් කඳුළක් වැටුනේ ඇයටත් නොදැනීමය. ඒ ඇගේ ජයග්‍රහණයේ කඳුළුදැයි මට සිතුණි. ඇය නැවත කතාව ආරම්භ කළාය. “මේ අගෝස්තු විසිහතරවන දා ජාතික චිත්‍රපට සංස්ථාවේදී සවස 3.oo මගේ සිනමා දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් උපහාර උලෙළක් පවත්වන්නට කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ ගැන මට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්.“

අලුත් චිත්‍රපටවල ඔබ පෙනෙන්නට නැත්තෙ දැන් සිනමාවෙන් ඈත් වෙලාද?

නෑ.. එදා වගේම අදටත් මම කලාවට ආදරෙයි. ඒත් අද අලුත් කලාකරුවන් ඕනෑතරම් බිහිවෙලා ඉන්නවනේ. ඒ නිසා මට නිර්මාණවලට කතා කරන්නෙ අඩුවෙන්.

ඔබේ රංගන ජිවිතයේ ආරම්භය සරසවිය පුවත්පත කීවොත්?

ඔව්. හැටේ දශකය අගභ‍ාගයේදී සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවට නළුනිළියන් බඳවාගන්නවා කියලා සරසවිය පත්තරේ දැන්වීමක් තිබුණා. මගේ මතකයේ හැටියට ඒ 1966 ඔක්තෝබර් මස නව වැනිදා. 'කොල්ලන්ගේ කතාවක්, කෙල්ලන්ගේ කතාවක්, සරසවියේ කතාවක්‘ කියලා තමයි ඒ දැන්වීම පළ කරලා තිබුණේ. පත්තරේ තිබුණු ඒ දැන්වීම නිසයි මම හන්තානේ කතාව චිත්‍රපටයට එකතු වුණේ. ස්වර්ණා මල්ලව ආරච්චියි, මමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ චරිත දෙකටයි පණ පෙවුවේ.

සමන්ති ලැනරෝල් කියන රංගන ශිල්පිනිය වඩාත් ජනප්‍රිය වුණේ 'ලෙච්චමී' චරිතයෙන් නේද?

ඔව්, එදා වගේම අදටත් මාව ගොඩක් දෙනාගේ හිත්වල ජීවමානව ඉන්නේ 'ලෙච්චමී' කියන චරිතය නිසයි. මට මතකයි 'දුහුළු මලක්' මංගල දර්ශනය තිබුණේ වැල්ලවත්ත සැවෝයි සිනමාහලේ. චිත්‍රපටය නරඹලා පහළට එන්නට බැරි තරමට රසික රසිකාවියන් මාව වටකරගත්තා. ගොඩක් අය හිතු‍වේ මම ඇත්තටම දමිළ තරුණියක් කියලයි.

“දුහුළුමලක්” මංගල දර්ශනය දා තවත් සුවිශේෂි සිදුවීමක් වුණා නේද? ඒ ගැන ඔබට මතකද?

ඔය සිදුවීම වන කාලයේදී අපි හිටියේ ගම්පහ' හෝලීක්‍රෝස්' විදුහල ළඟ ගෙදරක. ඔය සිදුවීම වුණු දා නිමල් වීරක්කොඩි සහ විල්ෆ්‍රඩ් ද සිල්වා අපේ ගෙදර ආවා. ඒ ඔවුන්ගේ චිත්‍රපටයකට ආරාධනා කරන්නයි. ටික වෙලාවකට පස්සෙ තවත් කාරෙකක් ආවා. ඒ ආවේ හර්බට් රංජිත් පීරීස්, ඔහුගේ චිත්‍රපටයකට ආරාධනා කරන්නයි. චිත්‍රපට දෙකටම ආරාධනා ලැබුණේ එකම දවසෙ. එය මට කලා ජිවිතයේ සුවිශේෂ දවසක්. ඇය කීවේ හැඟීම්බරවයි.

“අවරගිර” චිත්‍රපටය හා සම්බන්ධ වීමත් ඔබේ සිනමා දිවියට සුවිශේෂීයී නේද?

සැබවින්ම එය මගේ රංගන ජීවිතයේ මට ලැබුණු ලොකු වාසනාවක් කියලා මට හිතෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් කියන්නෙ සිනමාවේ නොමැකෙන චරිතයක්. ඉතිං ඔහු සමඟ වැඩ කිරීමට ලැබීම මගෙ රංගන ජීවිතයේ කිසියම් කඩයිමක් කියලා හිතනවා. සුනිල් ආරියරත්නගේ 'බඹා කෙටූ හැටි' චිත්‍රපටයේ 'මියුරියල්ගේ' චරිතයත් මගේ රංගන ජීවිතයේ සුන්දර සිහිවටනයක්.

ඇය මා සමඟ පැවසුවේ අතීත ඡායාරූප කිහිපයක් රුවන්ටත්, මටත් පෙන්වමිනි.

ඒ වගේ සුන්දර චරිත රාශියක් තියෙනවා. මේ වෙලාවේ මගේ මතකයට එන්නේ නෑ. ඉස්සර වගේ නෙමෙයි දැන් මගේ මතක ශක්තිය දුර්වලයි.

ඔබ සිනමාව වගේම පුංචි තිරයේත් අත්දැකීම් ඇති රංගන ශිල්පිණියක්?

ජයසේකර අපොන්සුගේ 'සීමා බන්ධන' කියන වේදිකා නාට්‍යයෙන් තමයි සමන්ති ලැනරෝල් කියන රංගන ශිල්පිනිය වේදිකාවට හඳුන්වා දෙන්නෙ. එදා මෙදා තුර වේදිකා නාට්‍ය විසි හයක මම රඟපෑවා. පුංචි තිරයේත් 250කට ආසන්න නිර්මාණ ප්‍රමාණයකට රඟපාන්න අවස්ථාව හිමි වුණා. චිත්‍රපට නැති වුණාට පස්සේ අපි ජීවත්වුණේ මේ ටෙලිනාට්‍යවලින්.

ඔබේ සැමියාත් චිත්‍රපට අධයක්ෂවරයෙක්?ඔහුගේ නිර්මාණවල ප්‍රධාන චරිතයට පණපෙවුවා නේද?

මගේ සැමියා සෝමපාල ලැනරෝල්. ඔහු අධ්‍යක්ෂණය කළ 'කිරි කවඩි' චිත්‍රපටයේ මගේ පෙම්වතා වුණේ ලූෂන් බුලත්සිංහලයි. 'චතු මධුර' චිත්‍රපටයේ සනත් ගුණතිලක. ඔයාලා දන්නවද මගේ පෙම්වතා හැටියට වැඩිපුරම රඟපාලා තියෙන්නෙ ෆ්‍රෙඩී සිල්වායි. ඇය සිය අමරණීය අතීත මතකයන් අප සමඟ පැවසුවේ මන්දස්මිතයක් මුව'ග තවරාගෙනය.

මෙලෙස සිනමාව, පුංචි තිරය සහ වේදිකාව යන රූපණ ක්ෂේත්‍රයන් ත්‍රිත්වයටම සිය රංගන දායකත්වය සැපයූ ඇය දැන් ගෙවන ,ජීවිතයේත් සැඳෑ සමය කෙබඳුදැයි මම ඇසුවෙමි.

ඇත්තටම මගේ සැමියා නැති වුණාට පස්සේ මම ගොඩක් අසරණ වුණා. තාමත් මට තියෙන ලොකුම ප්‍රශ්නය මගේම කියලා ඉන්න හිටින්න තැනක් නොමැතිකමයි.ඇගේ දෑසින් කඳුළු රූරා වැටුණු අපි දුටුවෙමු.

එක්දරු මවක මෙන්ම මුනුපුරු දෙදෙනකුගේ මිත්තණියක වන ඇගේ එකම දියණිය කලාවට සම්බන්ධ වුයේ නැත. ඇයට ද ඇයටම කියා ස්ථීර වු නිවහනක් ද නැත. තාමත් දිවි ගෙවන්නේ කුලී නිවහනකය.

'එදා ඉඳලා තාමත් මට ආත්ම ශක්තිය තියෙනවා. ප්‍රශ්න ගැන හිතන්නට ගියොත් අපි ලෙඩ වෙනවා. මේ තරම් සතුටින් ඉන්නෙ කලාව නිසයි.

තම හැත්තැ හයවැනි වියේදීත් කලා ලොවේ නියැළෙමින් තනිවම ජීවන යාත්‍රාව පැද යන්නට වෙර දරන මේ දිරිය කාන්තාව අපට සමුදෙමින් එසේ පැවසුවාය.

සමන්ති වනිගසේකර - සිළුමිණ

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2061969 හන්තානේ කතාව හන්තානේ කතාව Actress Sugathapala Senarath Yapa
2 3101975 රජගෙදර පරවියෝ රජගෙදර පරවියෝ Actress Sathischandra Edirisinghe, W.A.B. De Silva
3 3321976 දුහුළු මලක් දුහුළු මලක් Actress Vijaya Darma Sri
4 3511977 ශ්‍රී මදාරා ශ්‍රී මදාරා Actress Sathischandra Edirisinghe
5 3551977 පෙම්බර මදූ පෙම්බර මදූ Actress Sugathapala Senarath Yapa
6 4141979 අක්කේ මට අවසර අක්කේ මට අවසර Actress W. Wilfred Silva
7 4301980 සිල්වා සිල්වා Actress Herbert Ranjith Peiris
8 4341980 ආදර රත්නේ ආදර රත්නේ Actress K.A.W. Perera
9 4411980 දඬු මොණර දඬු මොණර Actress Vijaya Darma Sri
10 4651981 බඹා කෙටූ හැටි බඹා කෙටූ හැටි Actress Sunil Ariyaratne
11 4681981 සිටු කුමරියෝ සිටු කුමරියෝ Actress Vijaya Darma Sri
12 4731981 සූරියකාන්ත සූරියකාන්ත Actress Vijaya Darma Sri
13 4741981 අම්මේ මට සමාවෙන්න අම්මේ මට සමාවෙන්න Actress W. Wilfred Silva
14 4861981 ආරාධනා ආරාධනා Actress Vijaya Darma Sri
15 4881981 සුද්දා සුද්දා Actress Rathnaweera De Silva
16 5181982 මිහිදුම් සිහින මිහිදුම් සිහින Actress Daya Wimalaweera
17 5201982 චතු මධුර චතු මධුර Actress Somapala Lanarole
18 5411983 චන්ඩි සිරියා චන්ඩි සිරියා Actress Rohini Jayakodi
19 5511983 ලොකු තාත්තා ලොකු තාත්තා Actress K.D. Dayananda
20 5671984 කිරි කවඩි කිරි කවඩි Actress Somapala Lanarole
21 5971984 ජය සිකුරුයි ජය සිකුරුයි Actress Yasapalitha Nanayakkara
22 6031985 චාලිත රන්ගාලි චාලිත රන්ගාලි Actress Mersalin S. Perera
23 6071985 පුතුනි මට සමාවෙන්න පුතුනි මට සමාවෙන්න Actress Thilak Wehalla
24 6161985 දූ දරුවෝ දූ දරුවෝ Actress Gamini Hewawitharana
25 6221986 මල් වරුසා මල් වරුසා Actress K.D. Dayananda
26 6231986 ප්‍රාර්ථනා ප්‍රාර්ථනා Actress Priyantha Rathnayaka
27 6261986 පෙරළිකාරයෝ පෙරළිකාරයෝ Actress Dinesh Priyasad
28 6271986 දුෂ්‍යන්ති දුෂ්‍යන්ති Actress S.Thewendra
29 6391987 හිත හොඳ චන්ඩියා හිත හොඳ චන්ඩියා Actress Ranjith Siriwardhana
30 6481987 නොම්මර එකයි නොම්මර එකයි Main Actress Dinesh Priyasad
31 6501987 රජ වැඩකාරයෝ රජ වැඩකාරයෝ Actress Sunil Soma Peiris
32 6541987 අහිංසා අහිංසා Actress Malani Fonseka
33 6641988 කෝ හතුරෝ කෝ හතුරෝ Actress Sunil T. Fernando
34 6651988 නැවත අපි එක්වෙමු නැවත අපි එක්වෙමු Actress Anura De Silva, Milton Jayawardhana
35 6781990 දෑසේ මල් පිපිලා දෑසේ මල් පිපිලා Actress W. Wilfred Silva
36 6931990 ක්‍රිස්තු චරිතය ක්‍රිස්තු චරිතය Actress Sunil Ariyaratne
37 6961990 හිමගිර හිමගිර Actor Vijaya Darma Sri
38 7001991 වැඩ බැරිනම් වැඩක් නෑ වැඩ බැරිනම් වැඩක් නෑ Actor Upali Piyarathna
39 7041991 ඔබට පමණයි ආදරේ ඔබට පමණයි ආදරේ Actress S.V. Chandran, Anton Kingsley
40 7091991 මධුසමය මධුසමය Actress K.A. Wijayarathne
41 7151991 චෙරියෝ ඩොක්ටර් චෙරියෝ ඩොක්ටර් Actress Roy De Silva
42 7161991 අලි බබා සහ හොරු හතලිහ අලි බබා සහ හොරු හතලිහ Actress N. Vimalasena
43 7261992 රජ දරුවෝ රජ දරුවෝ Actress Daya Wimalaweera
44 7291992 සක්විති රජ සක්විති රජ Actress Sunil Soma Peiris
45 7411992 සුරනිමල සුරනිමල Actress Yasapalitha Nanayakkara
46 7421992 කුලගෙය කුලගෙය Actress H.D. Premarathna
47 7601993 චායා මායා චායා මායා Actress Yasapalitha Nanayakkara
48 7661993 නෙළුම් හා සමන්මලී නෙළුම් හා සමන්මලී Actress Chandrarathna Mapitigama
49 7791994 අභියෝගය අභියෝගය Actress Hemasiri Sellapperuma
50 7901994 150 මුල්ලේරියාව 150 මුල්ලේරියාව Actress Somapala Leelananda
51 7921994 ආත්මා ආත්මා Actress Somapala Leelananda
52 7951994 විජය ගීතා විජය ගීතා Actress Kandapola Kumarathunga
53 8151995 අවරගිර අවරගිර Actress Dr. Lester James Peries
54 8211995 දළුලන ගිනි දළුලන ගිනි Actress Aleric Lionel Fernando
55 8381996 සීමා පව්රු සීමා පව්රු Actress Kumarasiri Abeykoon
56 9051999 සත්‍යාදේවි සත්‍යාදේවි Actress -
57 9422001 දිනුම කාගේද දිනුම කාගේද Actress Ananda Wickramasinghe
58 10152004 ඔහොම හරිද ඔහොම හරිද Actress Sunil Soma Peiris
59 10182004 සමාවෙන්න මා රත්තරනේ සමාවෙන්න මා රත්තරනේ Actress Kandapola Kumarathunga
60 11442011 තැනක් යු බර්ටි තැනක් යු බර්ටි Actress Tennyson Cooray
61 11752013 රජ හොරු රජ හොරු Actress Suranga De Alwis
62 13022019 ඉස්කෝලෙට මං අවා ඉස්කෝලෙට මං අවා Actress Prasad Samarathunga

ඉදිරියේදී තිරගත වන චිත්‍රපට

#චිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 ඔළුව ජපන් කඳ ජර්මන් ඔළුව ජපන් කඳ ජර්මන් Actress Dinesh Priyasad
2 සඳ ආදරේ සඳටයි සඳ ආදරේ සඳටයි Actress Keerthi Rathnayake
3 කුපාඩියා කුපාඩියා Actress Mario Jayathunga
4 කළ්‍යාණ මිත්‍රයෝ කළ්‍යාණ මිත්‍රයෝ Actress Keerthi Rathnayake, Eranjani Amarajeewa

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play