විස්තරය
1970 අවුරුද්ද සිoහල සිනමාවට විශේෂ වූ අවුරුද්දක් , ඒ වනවිට යාන්තම් වසර 22 ක් 23ක් පමණ වන සිංහල සිනමාව නැමති යෞවනයා තව දුරටත් ඉදිරියට ගෙන යන්නට දායකත්වය ලබාදෙන නව නිමැවුම්කරුවන් කිහිප දෙනෙකු ගේ පළමු නිර්මාණ එලි දැක්වුණු වසරක් තමයි මේ 1970. මේ අය අතරින් කැපී පෙනුණු අයෙක් ලෙස අවිවාදයෙන් හැදින්විය හැකියි නිල් රූපසිංහ. පසු කලෙක ජනප්‍රිය තලයේ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂනය කරන ඔහුගේ මුල්ම අධ්‍යක්ෂනය වන්නේ 1970 වසරේ තිරගත වන දැන් මතකද චිත්‍රපටය. මේ චිත්‍රපටයේ තමයි මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, ජෝති ගයන ඉහත ගීතය ඇතුලත් වන්නේ. ඇන්තනී සි.පෙරෙරා, සේනාධීර රුපසිoහ, බන්දු මුණසිංහ තිදෙනා චිත්‍රපටයේ මෙම ගීතයට පෙනී සිටියා.
ජෝතිපාල හා ඇන්ජලින් ගයන අදත් එකසේ ජනප්‍රිය මෙම චිත්‍රපටයේ ඇතුලත් ඩොමි ජයවර්ධන හා හෙලන් කුමාරි පෙනී සිටින ආදරේ හිතෙනවා දැක්කම කියන ගීතය මුල් කර ගනිමින් නීල් තමන්ගේ තුන්වන චිත්‍රපටය ගෙන එනවා 1972 වසරේ ආදරේ හිතෙනවා දැක්කම නමින්. ඒ වගේම දැන් මතකද? චිත්‍රපටයේ එන ජනප්‍රිය ගායක එම්.එස්.ප්‍රනාන්දු රචනා කර ඔහුම රගපාමින් ගයන මැණිකෙ මම ආයෙ ගෙදර එනවා ගීතයත් එදා ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනා, අපිට මතකයි ඒ යුගයේ වැඩි වශයෙන් තරුණයින් ගේ දෙතොලග මෙය නිතර නිතර රැදුණු ආකාරය. තවත් විශේෂ කරුණක් වන්නේ චිත්‍රපටය තිරගත වන්නට පෙර එම්.එස්. තමාගේ අවසරයකින් තොරව මෙය සංගීත සංදර්ශනවල ගායනා කිරිම නිසා අධ්‍යක්ෂක නීල් ඔහුට විරුද්ධව රුපියල් දස දහසක වන්දියක් ඉල්ලා නඩුවක් පැවරීම. නමුත් පසුව නඩුව සමතයකට පත් වුනා. ( මෙය චිත්‍රපටයට කල ප්‍රචාරක උපක්‍රමයක් දැයි සැක සහිතය ) පී.එල්.ඒ. සෝමපාල ගේ සංගීතයට ජෝතිපාල, ඇන්ජලින්, සුජාතා, ලතා, එම්.එස්, බෙග්, මිල්ටන් පෙරේරා ගායනයෙන් දැක්වු දායකත්වයත් මෙම චිත්‍රපටය සාර්ථක වන්නට හෙතුවක්. ඒ වගේම ගීත රචනා කළා කරුණාරත්න අබේසේකර, සිරිල් ඒ සිලවිමල, එම්.එස්.ප්‍රනාන්දු, නිහාල් ඒ ජයසිංහ යන ශිල්පීන්. ඉහත ගීතවලට අමතරව අකල් වැස්ස තුරල් වෙලා, කොහෙදෝ කොහෙදෝ මොකෝ මේ දුවන්නේ, මේ සිත සුවදෙන රැයේ වැනි ජනප්‍රිය ගීතත් මෙම චිත්‍රපටය රසවත් කළා.
ආනන්ද ජයරත්න සමග මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරුපනය කළ මෙහි සේනාධීර රුපසිංහ, ඇන්තනි සි.පෙරේරා, බන්දු මුණසිංහ, ඩොමී ජයවර්ධන, සුමනා අමරසිංහ, රීටා රත්නායක, හෙලන් කුමාරි, එච්.ඩී. කුලතුංග, හියුගෝ ප්‍රනාන්දු චරිත නිරුපනය කළා. (නළු නිළියන් මෙන්ම අනෙකුත් ශිල්පීන් සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තරයක් ආනන්ද ගමගේ මහතා වෙනම ඉදිරිපත් කරන බැවින් ලිපිය දිගුවන නිසා මෙහි සදහන් නොකරමි).
මෙහි කථාව සේනාධීර රුපසිංහ හා සිරිල් බී පෙරේරා ගෙනි. කැමරාව ලෙනින් මොරායස්. තිරරචනය නීල් හා ලෙනින් ය. දෙබස් රචනා කළා සේනාධීර රුපසිංහ, ඒ වගේම සටන් අධ්‍යක්ෂණය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු. නැටුම් අධ්‍යක්ෂනය හෙලන් කුමාරි.ඒ වනවිට මෙරට වානිජ සිනමාවේ ඉදිරියෙන් සිටි සන්ධ්‍යා කුමාරි වැනි නිලියන් අතරට එක්වෙමින් මෙරට වානිජ සිනමාවේ දිගු ගමනක් යන්නට මාලිනීට පෙර මග ලකුණු හෙලි කළ චිත්‍රපටයක් ලෙසද මෙම චිත්‍රපටය සදහන් කරන්නට පුලුවන් , මීට පෙර ඇය ප්‍රවේශම් වන්න වැනි වානිජ චිත්‍රපටවල මෙවන් චරිත රගපා තිබුනත් ඇගේ සිනමා ජිවිතයේ මුල් යුගයේ වඩාත්ම ජනප්‍රියත්වයට පත් වානිජ චිත්‍රපටය දැන් මතකද ? කියා කිව්වොත් නිවැරැදියි . ඒ වගේම තමයි සුමනා අමරසිංහ නීල් රුපසිංහ ගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රගපෑ එකම චිත්‍රපටය මෙයවිම.
මෙයට එදා තරග කරන්නට සිදු වුනේ තිරගත කරන අවධියේ තිරගත වු සාති, එරවුන්ඩ ද වර්ල්ඩ්, තිරුඩන් වැනි හින්දි හා ද්‍රවිඩ චිත්‍රපට වගේම අනෙක් මණ්ඩලයේ තිරගත කළ හන්තානේ කථාව, බක් මහ දිගේ වැනි චිත්‍රපට සමගයි. කොහොම නමුත් 1970 මාර්තු 13 දින ප්‍රදර්ශනය ඇරඹු දැන් මතකද? චිත්‍රපටය දින 66ක් සාර්ථකව මරදානේ ගාමිණී සිනමාහලේ ප්‍රදර්ශනය වුනා.
(අනිල් විරසිංහ ) 0716358123