Sirimathi Rasadari

Sirimathi Rasadari

සිරිමතී රසාදරී

Born 10 May 1932 Died 03 September 1992

10 May 1932 - 03 September 1992

61.04% · 1,773 votes
Rate this artist

Summary

NameSirimathi Rasadari
Sinhala Nameසිරිමතී රසාදරී
Born10 May 1932
Died03 September 1992

Biography

ජනපි‍්‍රය නිළියක, නර්ථන ශිල්පිනියක හා ගායිකාවක ද වූ සිරිමතී රසාදරී ලේඛන කලාවෙන් ද දස්කම් පෑ ශිල්පිනියක වූවාය. 1932 මැයි 10 වැනි දා නයිනමඩමේදී උපන් සිරිමතී වයස අවුරුදු 15 දී පමණ ‘පුදුමු ලේලී චිත්‍රපටයේ විකට චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසියාය. ඉන් පසු සුරතලී, නලඟන, ඇමතිකම, සමාජේ සතුරෝ සුභ සරණ සැප සිතේ, දොස්තර, හැංගි හොරා, සංසාරේ, දෙයියන්ගේ රටේ, හෙට ප්‍රමාද වැඩියි, දෛවයෝගය ඇතුළු චිත්‍රපට රැසක රඟපෑවාය.

එච්. ආර්. ජෝතිපාලයන්ගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගීතය වූ සිරියමෙ සාරා ගීතයට ආනන්ද ජයරත්නගේ ප්‍රථම පෙම්වතිය ලෙසින් රඟපෑ සිරිමතී දෛවයෝගය චිත්‍රපටයට මොහිදීන් බෙග් සමඟින් ‘පාන පත්තු නොකෙරුවාට’ ගීතය ගයමින් ගායිකාවක ලෙස ද ජනපි‍්‍රයත්වයට පත් වූවාය. ඇයගේ රංගන දිවියේ කැපී පෙනෙන චරිතය වූයේ පරසතුමල් චිත්‍රපටයේ මැගී ගේ චරිතයයි.

අදටත් මැගී ප්‍රේක්‍ෂක හදවත්වල එදා මෙන්ම ජීවත් වේ. කෙතරම් ජනපි‍්‍රය නිළියක වුවද සිරිමතී අපේ රටට ගෞරවය ගෙන දුන්නේ නැටුම් ශිල්පිණියක් ලෙසිනි. භරත කතක් නැටුම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම උපාධිධාරිනිය වූ ඇය 1977 දී සංගීත කේන්ද්‍ර නමින් සංගීත ආයතනයක් අරඹා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් බිහි කිරීමට ජීවිතය කැප කළාය.

1992 සැප්තැම්බර් 03 වැනි දා සිරිමතී දිවි සිනමාවෙන් සමුගෙන නොපෙණෙන ලොවකට පියමැන්නාය.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 201953 Puduma Leli පුදුම ලේලි Actress A.S. Nagarajan
2 331956 Dosthara දොස්තර Actress K. Shankar, Venkatarawan
3 371956 Surathali සුරතලී Actress Cyril P. Abeyratne
4 511958 Deyyange Rate දෙයියන්නේ රටේ Actress L.S. Ramachandran
5 561958 Vanamohini වනමෝහිනි Actress T.R. Sundaram, A.B. Raj
6 591959 Daiwayogaya දෛවයෝගය Actress S.K. Oja
7 611959 Sri 296 ශ්‍රී 296 Actress Premnath Moraes
8 701960 Nalagana නළඟන Actress L.S. Ramachandran
9 721960 Pirimiyek Nisa පිරිමියෙක් නිසා Actor K.A.W. Perera, T. Somasekaran
10 811962 Sansare සංසාරේ Actress Shanthi Kumar Seneviratne
11 941964 Heta Pramada Vadi හෙට ප්‍රමාද වැඩියි Actress Shanthi Kumar Seneviratne
12 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Actress Shanthi Kumar Seneviratne
13 991964 Suba Sarana Sapa Sithe සුභ සරණ සැප සිතේ Actress T. Somasekaran
14 1081965 Sepatha Soya සැපත සොයා Actress B. Nandasena Cooray
15 1391966 Sampatha සම්පත Actress S. Ramanadhan
16 1401966 Parasathu Mal පරසතු මල් Actress Gamini Fonseka
17 1491967 Sath Samudura සත් සමුදුර Actress Siri Gunasinghe
18 1781968 Amathikama ඇමතිකම Actress Kithsiri Nihal Jayasinghe
19 1791968 Hangi Hora හැංගි හොරා Actress Rohini Jayakodi
20 1881969 Samaja Sathuro සමාජ සතුරෝ Actress T. Somasekaran
21 4381980 Sasaraka Pathum සසරක පැතුම් Actress H.D. Premarathna
22 4731981 Suriyakantha සූරියකාන්ත Actress Vijaya Darma Sri
23 4851981 Jeewanthi ජීවන්ති Actress Hemasiri Sellapperuma
24 5521983 Manik Maliga මැණික් මාලිගා Actress Gamini Hewawitharana
25 6161985 Du Daruwo දූ දරුවෝ Actress Gamini Hewawitharana
26 6501987 Raja Wedakarayo රජ වැඩකාරයෝ Actress Sunil Soma Peiris
27 6681989 Badulu Kochchiya බදුලු කෝච්චිය Actress Kandapola Kumarathunga
28 7141991 Golu Muhude Kunatuva ගොළු මුහුදේ කුනාටුව Actress Shelton Payagala
29 7251992 Salli Thibunata Madi සල්ලි තිබුනට මදි Actress W. Ranjith Perera
30 7301992 Sakkara Sooththara සක්කර සූත්තර Actress Hemasiri Sellapperuma
31 7461992 Rajek Wage Puthek රජෙක් වගේ පුතෙක් Actress Upali Piyarathna
32 7881994 Mawubime Veerayoo මව්බිමේ වීරයෝ Actress Ranjith Perera
33 7951994 Vijaya Geetha විජය ගීතා Actress Kandapola Kumarathunga
34 8001995 Inspector Geetha ඉන්ස්පෙක්ටර් ගීතා Actress Danny W. Pathirana, Kusumchandra Gamage
35 9152000 Hansa Vilapaya හංස විලාපය Actress Wehalle Piyathilake
Film NoYearFilmSongRole
59 1959 Daiwayogaya දෛවයෝගය Sinhala Umba Nambara Thambili Paataඋඹ් නාඹර තැඹිලි පාට Vocalists
72 1960 Pirimiyek Nisa පිරිමියෙක් නිසා Sinhala Chandra Loke Pal Bandinnaචන්ද්‍රා ලෝකේ පැල් බඳින්න Vocalists
Meda Pote Athata Mitataමෙදා පොටේ අතට මිටට Vocalists