සිරිමතී රසාදරී

සිරිමතී රසාදරී

Full Name: Sirimathi Rasadari උපත 10 May 1932 විපත 03 September 1992

10 May 1932 - 03 September 1992

61.04% · 1,773 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසිරිමතී රසාදරී
සම්පූර්ණ නමSirimathi Rasadari
උපත10 May 1932
විපත03 September 1992

චරිතාපදානය

ජනපි‍්‍රය නිළියක, නර්ථන ශිල්පිනියක හා ගායිකාවක ද වූ සිරිමතී රසාදරී ලේඛන කලාවෙන් ද දස්කම් පෑ ශිල්පිනියක වූවාය. 1932 මැයි 10 වැනි දා නයිනමඩමේදී උපන් සිරිමතී වයස අවුරුදු 15 දී පමණ ‘පුදුමු ලේලී චිත්‍රපටයේ විකට චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසියාය. ඉන් පසු සුරතලී, නලඟන, ඇමතිකම, සමාජේ සතුරෝ සුභ සරණ සැප සිතේ, දොස්තර, හැංගි හොරා, සංසාරේ, දෙයියන්ගේ රටේ, හෙට ප්‍රමාද වැඩියි, දෛවයෝගය ඇතුළු චිත්‍රපට රැසක රඟපෑවාය.

එච්. ආර්. ජෝතිපාලයන්ගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගීතය වූ සිරියමෙ සාරා ගීතයට ආනන්ද ජයරත්නගේ ප්‍රථම පෙම්වතිය ලෙසින් රඟපෑ සිරිමතී දෛවයෝගය චිත්‍රපටයට මොහිදීන් බෙග් සමඟින් ‘පාන පත්තු නොකෙරුවාට’ ගීතය ගයමින් ගායිකාවක ලෙස ද ජනපි‍්‍රයත්වයට පත් වූවාය. ඇයගේ රංගන දිවියේ කැපී පෙනෙන චරිතය වූයේ පරසතුමල් චිත්‍රපටයේ මැගී ගේ චරිතයයි.

අදටත් මැගී ප්‍රේක්‍ෂක හදවත්වල එදා මෙන්ම ජීවත් වේ. කෙතරම් ජනපි‍්‍රය නිළියක වුවද සිරිමතී අපේ රටට ගෞරවය ගෙන දුන්නේ නැටුම් ශිල්පිණියක් ලෙසිනි. භරත කතක් නැටුම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම උපාධිධාරිනිය වූ ඇය 1977 දී සංගීත කේන්ද්‍ර නමින් සංගීත ආයතනයක් අරඹා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් බිහි කිරීමට ජීවිතය කැප කළාය.

1992 සැප්තැම්බර් 03 වැනි දා සිරිමතී දිවි සිනමාවෙන් සමුගෙන නොපෙණෙන ලොවකට පියමැන්නාය.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 201953 පුදුම ලේලි පුදුම ලේලි Actress A.S. Nagarajan
2 331956 දොස්තර දොස්තර Actress K. Shankar, Venkatarawan
3 371956 සුරතලී සුරතලී Actress Cyril P. Abeyratne
4 511958 දෙයියන්නේ රටේ දෙයියන්නේ රටේ Actress L.S. Ramachandran
5 561958 වනමෝහිනි වනමෝහිනි Actress T.R. Sundaram, A.B. Raj
6 591959 දෛවයෝගය දෛවයෝගය Actress S.K. Oja
7 611959 ශ්‍රී 296 ශ්‍රී 296 Actress Premnath Moraes
8 701960 නළඟන නළඟන Actress L.S. Ramachandran
9 721960 පිරිමියෙක් නිසා පිරිමියෙක් නිසා Actor K.A.W. Perera, T. Somasekaran
10 811962 සංසාරේ සංසාරේ Actress Shanthi Kumar Seneviratne
11 941964 හෙට ප්‍රමාද වැඩියි හෙට ප්‍රමාද වැඩියි Actress Shanthi Kumar Seneviratne
12 961964 කල කල දේ පල පල දේ කල කල දේ පල පල දේ Actress Shanthi Kumar Seneviratne
13 991964 සුභ සරණ සැප සිතේ සුභ සරණ සැප සිතේ Actress T. Somasekaran
14 1081965 සැපත සොයා සැපත සොයා Actress B. Nandasena Cooray
15 1391966 සම්පත සම්පත Actress S. Ramanadhan
16 1401966 පරසතු මල් පරසතු මල් Actress Gamini Fonseka
17 1481967 සත් සමුදුර සත් සමුදුර Actress Siri Gunasinghe
18 1781968 ඇමතිකම ඇමතිකම Actress Kithsiri Nihal Jayasinghe
19 1791968 හැංගි හොරා හැංගි හොරා Actress Rohini Jayakodi
20 1881969 සමාජ සතුරෝ සමාජ සතුරෝ Actress T. Somasekaran
21 4381980 සසරක පැතුම් සසරක පැතුම් Actress H.D. Premarathna
22 4731981 සූරියකාන්ත සූරියකාන්ත Actress Vijaya Darma Sri
23 4851981 ජීවන්ති ජීවන්ති Actress Hemasiri Sellapperuma
24 5521983 මැණික් මාලිගා මැණික් මාලිගා Actress Gamini Hewawitharana
25 6161985 දූ දරුවෝ දූ දරුවෝ Actress Gamini Hewawitharana
26 6501987 රජ වැඩකාරයෝ රජ වැඩකාරයෝ Actress Sunil Soma Peiris
27 6681989 බදුලු කෝච්චිය බදුලු කෝච්චිය Actress Kandapola Kumarathunga
28 7141991 ගොළු මුහුදේ කුනාටුව ගොළු මුහුදේ කුනාටුව Actress Shelton Payagala
29 7251992 සල්ලි තිබුනට මදි සල්ලි තිබුනට මදි Actress W. Ranjith Perera
30 7301992 සක්කර සූත්තර සක්කර සූත්තර Actress Hemasiri Sellapperuma
31 7461992 රජෙක් වගේ පුතෙක් රජෙක් වගේ පුතෙක් Actress Upali Piyarathna
32 7881994 මව්බිමේ වීරයෝ මව්බිමේ වීරයෝ Actress Ranjith Perera
33 7951994 විජය ගීතා විජය ගීතා Actress Kandapola Kumarathunga
34 8001995 ඉන්ස්පෙක්ටර් ගීතා ඉන්ස්පෙක්ටර් ගීතා Actress Danny W. Pathirana, Kusumchandra Gamage
35 9152000 හංස විලාපය හංස විලාපය Actress Wehalle Piyathilake
චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටයගීතයදායකත්වය
59 1959 Daiwayogaya දෛවයෝගය Sinhala Umba Nambara Thambili Paataඋඹ් නාඹර තැඹිලි පාට Vocalists
72 1960 Pirimiyek Nisa පිරිමියෙක් නිසා Sinhala Chandra Loke Pal Bandinnaචන්ද්‍රා ලෝකේ පැල් බඳින්න Vocalists
Meda Pote Athata Mitataමෙදා පොටේ අතට මිටට Vocalists

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play