පූජිත මෙන්ඩිස්

පූජිත මෙන්ඩිස්

Full Name: Pujitha Mendis උපත 27 May 1934 විපත 05 Sep 2001

27 May 1934 - 05 Sep 2001

57.9% · 2,081 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමපූජිත මෙන්ඩිස්
සම්පූර්ණ නමPujitha Mendis
උපත27 May 1934
විපත05 Sep 2001

චරිතාපදානය

විශාල ඇස් දෙකකින් සිංහල රිදී තිරිය හැඩ ගැන්වූ පූජිත මෙන්ඩිස් එම ඇස් දෙක නිසාත් ඔහුටම ආවේනික රඟපෑම් ශෛලීයක් තිබීම නිසාත් හැට හැත්තැව දශකවල සිංහල සිනමාවේ ජනපි‍්‍රයම නළුවකු බවට පත්ව සිටියේය.

1934 මැයි 27 වැනි දා මොරටුව කල්දෙමුල්ලේ දී උපත ලැබූ පූජිත කුඩා අවධියේ සිට දක්‍ෂ බොක්‍ෂින් ක්‍රීඩකයකු වුයේය. කුඩා කාලෙදීම සුව කළ නොහැකි රෝගයකට මුහුණ දුන් ඔහුගේ දීප්තිමත් ඇස් දෙක මුළුමනින්ම විකෘති ස්වභාවයක් ගත්තේය. තමා තරම් අවාසනාවන්තයකු ලෝකයේම තවත් නැතැයි සිතමින් සිටි පූජිතට චිත්‍රපට නළුවෙකු වීමේ වාසනාව රැගෙන ආවේ ද එම විශාල වූ නෙත් දෙකය.

හියුගෝ මාස්ටර් හා බෙන්ඩික් ප්‍රනාන්දු ගේ හඳුනා ගැනීමෙන් රම්‍යාලතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු පූජිත සොහොයුරෝ, පුරුෂ රත්නය, සීගිරි කාශ්‍යප, සත පනහ, හොඳට හොඳයි, සුරයන්ගෙත් සූරයා, ඔහොම හොඳද, නිධානය ඇතුළු චිත්‍රපට අසුවක පමණ රඟපෑවේය. මුළු දිවියම තනිකඩව ගෙවූ පූජිත අවසන් කාලයේ සිහි මඳ ගතියෙන් පෙලුණේය.

ඉබාගාතේ ඇවිදිමින් අසරණව සිටි මේ කලාකරුවා 2001 සැප්තැම්බර් 05 වැනිදා අවසන් ගමන් ගියේය. නමුත් ඔහුගේ් දේහයට ගෞරව කරන්නට මෙතරම් විශාල සිංහල සිනමාවේ පැමිණ සිටියේ කලාකරුවන් දෙතුන් දෙනෙකු පමණකි. තමන්ට කියා කිසිවක් ඉතිරි නොකළ පූජිත සිංහල සිනමාව වෙනුවෙන් විශාල දෙයක් ඉතිරි කළේය. ඒ ඔහුගේ අසාමාන්‍ය වූ මුහුණයි.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 381956 රම්‍යලතා රම්‍යලතා Actor A.B. Raj
2 501958 සොහොයුරෝ සොහොයුරෝ Actor L.S. Ramachandran, A.B. Raj
3 601959 පුරුෂ රත්නය පුරුෂ රත්නය Actor A.S. Nagarajan
4 951964 ගැටවරයෝ ගැටවරයෝ Actor Mike Wilson, Thissa Liyanasuriya
5 1211965 සත පනහ සත පනහ Actor M.S. Anandan
6 1271966 කොළඹ හාදයෝ කොළඹ හාදයෝ Actor Roland Amarasinghe
7 1361966 සීගිරි කාශ්‍යප සීගිරි කාශ්‍යප Actor Preamnath Morayas, Bandu Gunasekara
8 1471967 සොරුන්ගෙත් සොරු සොරුන්ගෙත් සොරු Actor Mike Wilson
9 1631967 රෑන ගිරවු රෑන ගිරවු Actor Dharma Sri Kaldera
10 1661967 සූර චව්රයා සූර චව්රයා Actor M. Masthan
11 1781968 ඇමතිකම ඇමතිකම Actor Kithsiri Nihal Jayasinghe
12 1891969 ඔබ නැති නම් ඔබ නැති නම් Actor M.V. Balan
13 1901969 කොහොමද වැඩේ කොහොමද වැඩේ Actor S. Ramanadhan
14 1951969 බඩුත් එක්ක හොරු බඩුත් එක්ක හොරු Actor Ranjith Senaweera
15 1971969 සූරයන්ගෙත් සූරයා සූරයන්ගෙත් සූරයා Actor Lenin Morais
16 2041969 මොකද වුනේ මොකද වුනේ Actor Piyasiri Gunarathna
17 2151970 පේනවා නේද පේනවා නේද Actor Wijepala Hettiarachchi
18 2181970 ඔහොම හොඳද ඔහොම හොඳද Actor J. Selvarathnam
19 2241971 දැවෙන පිපාසය දැවෙන පිපාසය Actor Thimothy Weerarathna
20 2341971 සමනල කුමරියෝ සමනල කුමරියෝ Actor Wimaladasa Perera
21 2431972 සිංගප්පූරු චාලි සිංගප්පූරු චාලි Actor Dommie Jayawardena
22 2491972 ලොකුම හිනාව ලොකුම හිනාව Actor K.A.W. Perera
23 2521972 ඉහත ආත්මය ඉහත ආත්මය Actor K.A.W. Perera
24 2551972 වන රාජා වන රාජා Actor William Blakes
25 2651973 සුනේත්‍රා සුනේත්‍රා Actor Joe Dev Ananda
26 2681973 හොඳට හොඳයි හොඳට හොඳයි Actor J. Selvarathnam
27 2721974 දිනුම් කණුව දිනුම් කණුව Actor Ranjith Perera
28 2841974 දුප්පතාගේ හිතවතා දුප්පතාගේ හිතවතා Actor S.V. Chandran
29 2891974 මෙහෙම හරිද මෙහෙම හරිද Actor Aabdeen Fausi
30 2901974 ජීවන ගංගා ජීවන ගංගා Actor Dayananda Rodrigo
31 2931975 හිත හොඳ මිනිහෙක් හිත හොඳ මිනිහෙක් Actor M.V. Balan
32 2961975 පෙම් කුරුල්ලෝ පෙම් කුරුල්ලෝ Actor Louie Vanderstraeten
33 3041975 අමරණීය ආදරේ අමරණීය ආදරේ Actor Dayananda Jayawardena
34 3071975 කෝකිලයෝ කෝකිලයෝ Actor Tissa Hewawitharana
35 3161975 හදවතක වසන්තය හදවතක වසන්තය Actor Sumanadasa Weerakodi
36 3231976 කවුද රජා කවුද රජා Actor J. Rasarathnam, J. Selvarathnam
37 3241976 වාසනා වාසනා Actor K.A.W. Perera
38 3251976 මඩොල් දූව මඩොල් දූව Actor Dr. Lester James Peries
39 3311976 වානරයෝ වානරයෝ Actor Sarathchandra Herath
40 3331976 ලෝක හොරු ලෝක හොරු Actor Tissa Abeysekara, Sarath Gunarathna
41 3341976 හාරත හතර හාරත හතර Actor M.S. Kumar
42 3581977 චින් චින් නෝනා චින් චින් නෝනා Actor J. Selvarathnam
43 3611977 සජා සජා Actor Cyril P. Abeyratne
44 3691977 වනගත කෙල්ල වනගත කෙල්ල Actor Henry Chandrawansa
45 3711978 චන්ඩි ශ්‍යාමා චන්ඩි ශ්‍යාමා Actor M.S. Anandan
46 3761978 මධුවන්තී මධුවන්තී Actor Milton Jayawardhana
47 3821978 කුණ්ඩල කේශී කුණ්ඩල කේශී Actor Wimalanath Dissanayaka
48 3831978 ටිකිරා ටිකිරා Actor Sherly P.Wijerathna
49 3921978 සසර සසර Actor K.A.W. Perera
50 4141979 අක්කේ මට අවසර අක්කේ මට අවසර Actor W. Wilfred Silva
51 4241979 හරි පුදුමයි හරි පුදුමයි Actor S. Ramanadhan
52 4351980 ඩොක්ට සුසන්තා ඩොක්ට සුසන්තා Actor Dayananda Jayawardena
53 5031982 සුදු අයියා සුදු අයියා Actor S.V. Chandran
54 5051982 ඒක දිග කතාවක් ඒක දිග කතාවක් Actor Sri Nihal Jayasingha
55 7431992 සත්‍යා සත්‍යා Actor Ranjith Siriwardhana
56 7671993 ලස්සනයි බලන්න ලස්සනයි බලන්න Actor Sunil Soma Peiris
57 8121995 චන්ඩියාගේ පුතා චන්ඩියාගේ පුතා Actor Sunil Soma Peiris

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play