විජය කුමාරතුංග

විජය කුමාරතුංග

Full Name: Kovilage Anton Vijaya Kumaranatunga උපත 9 October 1945 විපත 16 February 1988

9 October 1945 - 16 February 1988

82.17% · 13,407 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න
Artist Note

Died - February 16, 1988 Polhendoga, Sri Lanka

සාරාංශය

නමවිජය කුමාරතුංග
සම්පූර්ණ නමKovilage Anton Vijaya Kumaranatunga
උපත9 October 1945
විපත16 February 1988

චරිතාපදානය

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග (දෙමළ: விஜய குமாரணதுங்க) විජය කුමාරණතුංග, ලෙසින් හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.

පෙර අවධිය

මොහුගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගැනීය. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර 'සිතිජය' නම් ගීත නාට්‍යයක රඟපා ඇත.

සිනමා දිවිය

විජය කුමාරතුංග චිත්‍රපට ලැයිස්තුව: විජය කුමාරතුංග සිනමාගමනය
විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( "සහරාවේ සිහිනය"(1990) චිත්‍රපටයට - "වළාකුළක් ගෙන මුවා කරමු හිරු" & "දොළොස් මහේ පහන" චිතපටයට - "සාරා ගුවන විද නැගුන"). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී "ගොඩ් කින්ග්" නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම "නැංගුරම්" නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය "වරදට දඬුවම්"(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය "ඇය ඔබට බාරයි" එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.

ඝාතනය

විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.

අවමංගල්‍ය උත්සවය හා පසුව

විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. [20] හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), "භයානක අඟහරුවාදා" නැතහොත් "අඳුරු අඟහරුවාදා" යනුවෙන් හැඳින්වේ.

සම්මාන

ජාතික සම්මාන

1 Best Singer - Male Dolosmahe Pahana - 1991 20th Sarasaviya Awards - 1992 - 1992
2 Best Singer - Male Saharawe Sihinaya - 1990 19th Sarasaviya Awards - 1991 - 1991
3 Best Actor Kedapathaka Chaya - 1989 3rd Swarna Sanka Cinema Awards Ceremony 1991 - 1 - 1991
4 Best Actor Kedapathaka Chaya - 1989 17th OCIC Award Ceremony 1990 - 1990
5 "Ranathisara" Award 16th Sarasaviya Awards - 1988 - 1988
6 Famous Actor 16th Sarasaviya Awards - 1988 - 1988
7 Famous Actor 15th Sarasaviya Awards - 1987 - 1987
8 Merit Award Devuduwa - 1986 9th Presidential Award 1987 - 1987
9 Famous Actor 14th Sarasaviya Awards - 1986 - 1986
10 Famous Actor 13th Sarasaviya Awards - 1985 - 1985
11 Famous Actor 12th Sarasaviya Awards - 1984 - 1984
12 Best Performance Award Mahagedara - 1982 11th Sarasaviya Awards - 1983 - 1983
13 Famous Actor 11th Sarasaviya Awards - 1983 - 1983
14 Merit Award Podi Malli - 1979 2nd Presidential Award 1980 - 1980
15 Best Actor - Merit Ahas Gauwa - 1974 7th Vicharaka Sammana Ulela 1975 - 1975

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1491967 මනමාලයෝ මනමාලයෝ Actor T. Bawanandan
2 2051969 රෝමියෝ ජුලියට් කතාවක් රෝමියෝ ජුලියට් කතාවක් Actor G.D.L. Perera
3 2061969 හන්තානේ කතාව හන්තානේ කතාව Main Actor Sugathapala Senarath Yapa
4 2171970 ප්‍රියංගා ප්‍රියංගා Main Actor Amaranath Jayathilake
5 2261971 රන් ඔන්චිල්ලා රන් ඔන්චිල්ලා Main Actor Dharma Sri Kaldera
6 2281971 හතර දෙනාම සූරයෝ හතර දෙනාම සූරයෝ Actor Neil Rupasinghe
7 2291971 අභිරහස අභිරහස Main Actor Lenin Morais
8 2301971 කේසර සිංහයෝ කේසර සිංහයෝ Main Actor Roland Amarasinghe
9 2321971 බිඳුණු හදවත් බිඳුණු හදවත් Actor Louie Vanderstraeten
10 2341971 සමනල කුමරියෝ සමනල කුමරියෝ Actor Wimaladasa Perera
11 2411972 එදත් සූරයා අදත් සූරයා එදත් සූරයා අදත් සූරයා Actor Lenin Morais
12 2501972 මේ දෑස කුමටද මේ දෑස කුමටද Main Actor Thimothy Weerarathna
13 2531972 ආදරේ හිතෙනවා දැක්කම ආදරේ හිතෙනවා දැක්කම Actor Neil Rupasinghe
14 2551972 වන රාජා වන රාජා Actor William Blakes
15 2591973 තුෂාරා තුෂාරා Main Actor Yasapalitha Nanayakkara
16 2611973 හත්දින්නත් තරු හත්දින්නත් තරු Main Actor Pathiraja L.S. Dayananda
17 2631973 හොඳම වෙලාව හොඳම වෙලාව Actor Lenin Morais
18 2671973 දාහකින් එකෙක් දාහකින් එකෙක් Main Actor Meril Albert
19 2691974 අහස් ගව්ව අහස් ගව්ව Main Actor Dharmasena Pathiraja
20 2701974 දුලීකා දුලීකා Main Actor K.A.W. Perera
21 2811974 සුසී සුසී Main Actor Cyril P. Abeyratne
22 2871974 සැණකෙළිය සැණකෙළිය Main Actor Wimaladasa Perera, Herbert Ranjith Peiris
23 2961975 පෙම් කුරුල්ලෝ පෙම් කුරුල්ලෝ Main Actor Louie Vanderstraeten
24 3131975 සිකුරුලියා සිකුරුලියා Main Actor H.D. Premarathna
25 3141975 ලස්සන දවසක් ලස්සන දවසක් Main Actor Nimal Silva
26 3181975 සංගීතා සංගීතා Main Actor Thimothy Weerarathna
27 3201976 ප්‍රදීපේ මා වේවා ප්‍රදීපේ මා වේවා Main Actor Yasapalitha Nanayakkara
28 3241976 වාසනා වාසනා Main Actor K.A.W. Perera
29 3271976 ගංගා ගංගා Main Actor C.T. Perera, Pathiraja L.S. Dayananda
30 3301976 දියමන්ති දියමන්ති Main Actor Wasantha Obeysekara
31 3361976 උන්නත් දාහයි මලත් දාහයි උන්නත් දාහයි මලත් දාහයි Main Actor Lenin Morais
32 3441976 ආදරෙයි මං ආදරෙයි ආදරෙයි මං ආදරෙයි Main Actor Lenin Morais
33 3481977 සකුන්තලා සකුන්තලා Main Actor Villiam Olamas
34 3521977 හරියනකොට ඔහොම තමයි හරියනකොට ඔහොම තමයි Main Actor Gamini Hewawitharana
35 3531977 හිතුවොත් හිතුවාමයි හිතුවොත් හිතුවාමයි Main Actor Lenin Morais
36 3551977 පෙම්බර මදූ පෙම්බර මදූ Main Actor Sugathapala Senarath Yapa
37 3571977 එයා දැන් ලොකු ළමයෙක් එයා දැන් ලොකු ළමයෙක් Main Actor Dharmasena Pathiraja
38 3651977 මරුවා සමග වාසේ මරුවා සමග වාසේ Main Actor Titus Totawatte
39 3741978 විශ්මය විශ්මය Main Actor Charles Perera
40 3801978 සෙලීනාගේ වලව්ව සෙලීනාගේ වලව්ව Main Actor Pathiraja L.S. Dayananda
41 3821978 කුණ්ඩල කේශී කුණ්ඩල කේශී Main Actor Wimalanath Dissanayaka
42 3851978 බඹරු ඇවිත් බඹරු ඇවිත් Main Actor Dharmasena Pathiraja
43 3861978 සැලි සැලි Main Actor Cyril P. Abeyratne
44 3911978 කුමර කුමරියෝ කුමර කුමරියෝ Main Actor Sudas Maskorala
45 3931978 සඳ වට රන් තරු සඳ වට රන් තරු Main Actor Siri Kularathna, Ananda Hewage
46 3941978 අහසින් පොලවට අහසින් පොලවට Actor Dr. Lester James Peries
47 3951978 අනුපමා අනුපමා Main Actor Sunil Ariyaratne
48 3971979 ගැහැනියක් ගැහැනියක් Main Actor Yasapalitha Nanayakkara
49 4021979 හිඟන කොල්ලා හිඟන කොල්ලා Main Actor K.A.W. Perera
50 4091979 මොණරතැන්න මොණරතැන්න Main Actor Yasapalitha Nanayakkara
51 4101979 එක හිත එක හිත Main Actor K.M.D. Ariyapala
52 4141979 අක්කේ මට අවසර අක්කේ මට අවසර Main Actor W. Wilfred Silva
53 4201979 පොඩි මල්ලි පොඩි මල්ලි Main Actor Sunil Ariyaratne
54 4271980 ටක් ටික ටුක් ටක් ටික ටුක් Main Actor Yasapalitha Nanayakkara
55 4291980 කාංචනා කාංචනා Main Actor M.A. Sangadasa
56 4421980 ගඟ අද්දර ගඟ අද්දර Main Actor Sumithra Peiris
57 4431980 කරුමක්කාරයෝ කරුමක්කාරයෝ Main Actor Tissa Abeysekara
58 4461980 රජ දවසක් රජ දවසක් Main Actor Thimothy Weerarathna
59 4501980 පාර දිගේ පාර දිගේ Main Actor Dharmasena Pathiraja
60 4561980 කිඳුරු කුමාරි කිඳුරු කුමාරි Main Actor Sunil Ariyaratne
61 4611981 බද්දේගම බද්දේගම Main Actor Dr. Lester James Peries
62 4641981 වාලම්පුරි වාලම්පුරි Main Actor Bermin Lylie Fernando
63 4641981 වාලම්පුරි වාලම්පුරි Actor Bermin Lylie Fernando
64 4731981 සූරියකාන්ත සූරියකාන්ත Main Actor Vijaya Darma Sri
65 4791981 ගීතිකා ගීතිකා Main Actor Yasapalitha Nanayakkara
66 4811981 අංජානා අංජානා Main Actor Yasapalitha Nanayakkara
67 4841981 හොඳම නළුවා හොඳම නළුවා Main Actor Sherly P.Wijerathna
68 4941982 මහගෙදර මහගෙදර Main Actor Tissa Abeysekara
69 4971982 යස ඉසුරු යස ඉසුරු Main Actor Dharmasiri Gamage
70 4981982 සක්විති සුවය සක්විති සුවය Actor Gamini Fonseka
71 4991982 බයිසිකලේ බයිසිකලේ Actor Danny W. Pathirana
72 5081982 රහසක් නැති රහසක් රහසක් නැති රහසක් Main Actor M.V. Balan
73 5131982 කිරි සුවඳ කිරි සුවඳ Main Actor Anton Gregory
74 5171982 තක්කිට තරිකිට තක්කිට තරිකිට Main Actor Anthony C. Perera
75 5181982 මිහිදුම් සිහින මිහිදුම් සිහින Main Actor Daya Wimalaweera
76 5241982 පාරමිතා පාරමිතා Main Actor Anton Gregory
77 5251982 නැවත හමුවෙමු නැවත හමුවෙමු Main Actor Yasapalitha Nanayakkara
78 5301982 කඩවුණු පොරොන්දුව (නව) කඩවුණු පොරොන්දුව (නව) Main Actor Roy De Silva
79 5341983 සඳමලී සඳමලී Actor Milton Jayawardhana
80 5381983 සිව් රඟ සේනා සිව් රඟ සේනා Main Actor Roy Anuradha Sri Bandaranayaka
81 5501983 පසමිතුරෝ පසමිතුරෝ Main Actor Ananda Hewage
82 5551983 සමනල සිහින සමනල සිහින Main Actor Premaweera Gunasekara
83 5651984 වැල්ලේ තැනූ මාලිගා වැල්ලේ තැනූ මාලිගා Main Actor Shirley P. Wijeratne
84 5761984 බිනරී සහ සුදු බණ්ඩා බිනරී සහ සුදු බණ්ඩා Main Actor Kingsly Disanayaka
85 5781984 කෝකිලා කෝකිලා Main Actor Villiam Olamas
86 5831984 රණ දෙරණ රණ දෙරණ Main Actor Lorance cooray, Dilman Jayaratne
87 5951984 බිරිඳ බිරිඳ Main Actor Dayananda Jayawardena
88 5971984 ජය සිකුරුයි ජය සිකුරුයි Main Actor Yasapalitha Nanayakkara
89 6261986 පෙරළිකාරයෝ පෙරළිකාරයෝ Main Actor Dinesh Priyasad
90 6281986 ගිම්හානේ ගී නාදේ ගිම්හානේ ගී නාදේ Main Actor Dharma Sri Kaldera
91 6301986 දෙව්දුව දෙව්දුව Main Actor Daya Wimalaweera
92 6311986 ජය අපටයි ජය අපටයි Main Actor Sunil Soma Peiris
93 6331986 පූජා පූජා Actor Dharmasiri Gamage
94 6381987 යුගයෙන් යුගයට යුගයෙන් යුගයට Main Actor Lenin Morais
95 6461987 යුක්තියද ශක්තියද යුක්තියද ශක්තියද Main Actor Yasapalitha Nanayakkara
96 6491987 කව්ළුව කව්ළුව Main Actor Danny W. Pathirana
97 6501987 රජ වැඩකාරයෝ රජ වැඩකාරයෝ Main Actor Sunil Soma Peiris
98 6511987 රන්දම්වැල් රන්දම්වැල් Main Actor Aleric Lionel Fernando
99 6531987 ඔබටයි ප්‍රියේ ආදරේ ඔබටයි ප්‍රියේ ආදරේ Main Actor Sunil Soma Peiris
100 6541987 අහිංසා අහිංසා Actor Malani Fonseka
101 6671989 මමයි රජා මමයි රජා Main Actor Sunil Soma Peiris
102 6681989 බදුලු කෝච්චිය බදුලු කෝච්චිය Main Actor Kandapola Kumarathunga
103 6691989 කැඩපතක චායා කැඩපතක චායා Main Actor Wasantha Obeysekara
104 6711989 නොම්මර 17 නොම්මර 17 Main Actor Hemasiri Sellapperuma
105 6751989 වරදට දඬුවම් වරදට දඬුවම් Main Actor Dinesh Priyasad
106 6761989 රන්දෙනිගල සිංහයා රන්දෙනිගල සිංහයා Actor Ranjith Siriwardhana
107 6781990 දෑසේ මල් පිපිලා දෑසේ මල් පිපිලා Main Actor W. Wilfred Silva
108 6791990 තන්හා ආශා තන්හා ආශා Main Actor Ashoka Nissanka, Siril Weerasingha
109 6831990 වීර උදාර වීර උදාර Main Actor Shirley P. Wijeratne
110 6861990 සහරාවේ සිහිනය සහරාවේ සිහිනය Actor H.D. Premarathna
111 6891990 මධු සිහින මධු සිහින Actor Daya Wimalaweera
112 6931990 ක්‍රිස්තු චරිතය ක්‍රිස්තු චරිතය Main Actor Sunil Ariyaratne
113 7091991 මධුසමය මධුසමය Main Actor K.A. Wijayarathne
114 7571993 සූරයන් අතර වීරයා සූරයන් අතර වීරයා Main Actor Roy De Silva
115 7951994 විජය ගීතා විජය ගීතා Main Actor Kandapola Kumarathunga
116 7961994 ශක්ති ශක්ති Actor Sherly P.Wijerathna
117 8171995 හිත හොඳ සූරයෝ හිත හොඳ සූරයෝ Main Actor Victor Manage
118 8711998 ඇය ඔබට බාරයි ඇය ඔබට බාරයි Main Actor Sunil Soma Peiris

කාර්ය මණ්ඩලයෙන්

Producer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2321971 බිඳුණු හදවත් බිඳුණු හදවත් Producer Louie Vanderstraeten
2 6751989 වරදට දඬුවම් වරදට දඬුවම් Producer Dinesh Priyasad
චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටයගීතයදායකත්වය
442 1980 Ganga Addara ගඟ අද්දර Sinhala Ganga Addara ma Vocalists
686 1990 Saharawe Sihinaya සහරාවේ සිහිනය Sinhala වලාකුලක් ගෙන මුවා කරමු හිරු Vocalists
මල් හසරැල් සැලෙන ලොවක් Vocalists
රන් දහදිය විකුණලා Vocalists

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play