ශාන්ති ලේඛා

ශාන්ති ලේඛා

Full Name: Shanthi Lekha උපත 01 July 1929 විපත 11 March 2009

01 July 1929 - 11 March 2009

59.52% · 2,354 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමශාන්ති ලේඛා
සම්පූර්ණ නමShanthi Lekha
උපත01 July 1929
විපත11 March 2009

චරිතාපදානය

හැත්තෑව දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය යයි කිවහොත් නිවැරැදි යයි සිතමි. කලාත්මක චිත්‍රපට මෙන්ම ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කළ චිත්‍රපට රැසක්ම බිහිවූයේ මේ කාලයේදීය.

එ නිසාම සිනමා නළු නිළියන්ට ජනතා ආකර්ෂණයෙන්ද අඩුවක් නොවීය.

එකල සිංහල චිත්‍රපටයක මංගල දර්ශනයක් පැවැත්වෙද්දී විශේෂයෙන්ම රීගල් සිනමා හල හා ලිබර්ටි යන සිනමාහල් අසල වෙනමම පිරිසක් වූහ. ඒ මංගල දර්ශනයට සහභාගීවන නළුනිළියන් දැක ගැනීමටය. අදද ඉන්දියාවේ නළු නිළියන් සහභාගි වන මංගල, අවමංගල උත්සව හැම එකකටම නළුනිළියන් දැක ගැනීමට පිරිස රොක් වෙති. සෙනඟ හසුරුවන්නට වෙනමම පොලිස් නිලධාරින් යොදවති. ඉන්දියාවේ තවමත් එසේමය.

ඇතැම් විටෙක සිනමාහල පිටත සිටින මේ ​සිංහල ප්‍රේක්ෂකයන් නිසා නළුනිළියන්ට එකල සිනමාහලට ඇතුළුවීමට අපහසු වූ අවස්ථාද ඇති නොවූවා නොවේ. සිනමාවේ මේ ආකර්ෂණය නිසා නළුනිළි හා චිත්‍රපට තොරතුරු රැගත් සිනමා සඟරා, පුවත්පත් වලටද ඡායාරූප වලටද විශාල ඉල්ලුමක් තිබුණේය. ඇතැම් සිනමා පුවත්පතක තමන් කැමැති සිනමා නළුවකුගේ හෝ නිළියකගේ ඡායාරූපයක් තිබූ පමණින් එය අලෙවි කර ගැනීමට පහසු විය.

මේ කාලයේ ලංකාවේ සිනමා තාරකා හැම කෙනෙකුම වාගේ එකට එක් කරන අවුරුද්දේ අග එනම් දෙසැම්බර් 31 වැනිදා අපූරු සාදයක් තිබුණේය.

මේ සාදයේ ඡායාරූප තොරතුරු පිටු ගණන් එකල සිනමා පත්තරවල පළවිය. සංගීතය රැඟුම් ආදියෙන් පිරුණු ඒ ආකර්ෂණීය සාදය හැම අවුරුද්දකම සංවිධානය කළේ එකල හැම චිත්‍රපටයකින්ම වාගේ මවගේ චරිතයෙන් අප දුටු ශාන්ති ලේඛාය. ඇය එකල සිනමාවේ සිටි සැම සිනමා නළුවකුගේම නිළියකගේම මව ලෙස රුඟපෑවා යයි සිතමි. ශාන්ති ලේඛාට තම චරිතය රඟපාන්නට එම චිත්‍රපටය කලාත්මක දැයි වාණිජ දැයි ප්‍රශ්නයක් නොවීය. මේ කොයි චිත්‍රපටයේ රඟපෑවත් ඇය දුප්පත් ගැමි මවගේ චරිතයට ප්‍රේක්ෂක ආදරය ලබා ගන්නා ආකාරයෙන් රඟපෑවාය.

ඇය මවගේ චරිතය කොතරම් චිත්‍රපට ගණනක රඟපෑවාද කියතොත් වරක් මා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මට දැන් අම්මලාගේ චරිතය තිත්තවෙලා කියාය.

“මට මේ අම්මගේ චරිතේ ඒකාකාරියි හැමදාම අම්මා. මේ ක්‍රමය හරි වැරදියි. ඒ වගේම හරිම අවාසියි. සිනමාව පැත්තෙන් බැලුවත් නිළියකගේ පැත්තෙන් බැලුවත් මෙය විශාල අඩුවක්. නිළියක් වුණාම විවිධ චරිත රඟපාන්නට තිබිය යුතුයි. එවිටයි නිළියකගේ දුර්වලකම් වගේම දක්ෂකම් බලාගත හැක්කේ. අපි හරි ආසයි විවිධ චරිත රඟපාන්න. එ්ත් ලැබෙන අවස්ථා අඩුයි” ශාන්ති ලේඛා එදා මා සමඟ කීවාය. ශාන්ති ලේඛා සිහිපත්වන විට හැම විටෙකම ඇයට එපාවූ අහිංසක අම්මාගේ චරිතයද සිහිපත් වෙයි. එහෙත් ඇය සැබෑ ජීවිතයේදී ඇඳුම් පැළඳුම් තෝරා ගත්තේ හැසිරුනේ බටහිර පන්නයටය. ඇය මුහුරත් උත්සව ආදී අවස්ථාවලට සහභාගී වූයේ කොණ්ඩය කෙටිවන්නට සකස් කර කලිසමකින් සැරසී බටහිර පන්නයටය. ඇය බොහෝ විටෙක කතා කළේ ඉංග්‍රීසියෙනි. එකල බොහෝ නළු නිළියන් මෙන්ම ශාන්ති ලේඛා ද චතුර ලෙස ඉංග්‍රීසි කතා කළාය.

සැබෑ ජීවිතයේ බටහිර පන්නයට හැඩ ගැසුණු ඇය හැත්තෑව දශකයේදී අවුරුදු ගණනාවකම 31 වැනිදා රාත්‍රිය රඟමින් ගයමින් ගත කළාය. දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී සාදය එක්වරම නැවතුනේ රුක්මනී දේවියගේ හදිසි අභාවයත් සමගමය. ඇය රුක්මනී වෙනුවෙන් බෙහෙවින් ශෝක වූවාය. 1978 ඔක්තෝබර් 28 වැනිදා සඳුදා ඒ රිය අනතුර බොහෝ දෙනකු කම්පාවට ලක්වූ සිදුවීමක් විය. අවුරුද්ද අන්තිම පාටියට වඩාත්ම සහයෝගයක් දක්වන්නේ ඩේසි අක්කායි. එයා මිය යන්නට දින කීපයකට ඉස්සර මට ටෙලිෆෝක් කළා.

“අනේ කෙල්ලේ අපි මේ පාරත් ඩාන්සින් නයිට් එක හොඳට කරමු. ජීවත්ව ඉන්න ටිකටනේ මේ ඔක්කොම දේවල්.” “ඒත් මේ ගමන පාටිය කරන්නේ නෑ. අවුරුදු ගණනාවක්ම හැම දෙසැම්බර් 31 වැනිදාම අපි එක්ක විනෝද වුණ ඩේසි අක්කා නැති පාටියකින් වැඩක් තියෙනවාද?” ඇය රුක්මනී දේවියගේ වියෝව ගැන කම්පාවෙන් යුතුව ප්‍රකාශ කළාය. එයින් පසුව මේ සාදය පැවැත්වුණා දැයි මතකයක් නැත.

බටහිර පන්නයට හැඩ ගැසුනු ඉංග්‍රීසි කතා කරන මේ දුප්පත් අම්මාගේ මුල් නාමය රීටා අයිරින් කොයිස්ය. ශාන්ති ලේඛා ලෙස ඇගේ නම වෙනස් කළේ ශාන්ති විරාජ් විසිනි. ඇය එකල නැටුම් ශිල්පිනියක වූවාය. ඇය මුලින්ම ඩී.ටී. ප්‍රනාන්දුගේ නාට්‍යයක් වූ ශාන්ත ප්‍රභාහි රඟපෑවාය. ඇය ඩොමී ජයවර්ධන, නෝනා සුබෙයිදා ආදීන් සමඟ නැටුම් ශිල්පිනියක ලෙස කටයුතු කළාය. 1929 ජුලි 1 වැනිදා කළුතරදී උපන් ශාන්ති ලේඛා කළුතර ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයේදී අධ්‍යාපනය හැදෑරුවාය.

රුක්මනී දේවිය මුලින්ම හමුවූ දවස ඇය වරක් සිහිපත් කළේ මෙලෙසිනි.

“එක්දාස් නවසිය හතළිස් ගණන්වලදී කොළඹ ටවුන් හෝල් එකේ සන්දර්ශනයක් පැවැත්වුණා. ඒකට සින්දු කියන්න එඩී, රුක්මනී වගේම තිලකසිරි ප්‍රනාන්දු ආවා. මම ආවේ ශාන්ති විරාජ් සමග නැටුම් ජවනිකාවක් ඉදිරිපත් කරන්නයි.

ඒ කාලේ ජනප්‍රියත්වයෙන් ඉහළම සිටි ඩේසි අක්කා මට මුලින්ම මුණ ගැහුනේ එදායි. ඇත්තටම ඩේසි අක්කා මොන තරම් නිහතමානීද. ඊට කාලයකට පස්සේ ‘දොස්තර’ චිත්‍රපටයේ රඟපාද්දි අපි ආයෙමත් එකට මුණ ගැහුනා. අපි දෙන්නා ඊට පස්සේ චිත්‍රපට සිය ගණනක එකට රඟපාන්න ඇති.”

වයස අවුරුදු 14 ක් තරම කාලයේදී වේදිකාවට සම්බන්ධ වූ ඇය 1953 දි ප්‍රථම වරට “සුජාතා” හි රඟපෑවාය. ඒ ඩොමී ජයවර්ධන සමගය. එය බෙහෙවින් ජනප්‍රිය වූ චිත්‍රපටයක් වූවා සේම ශාන්ති ලේඛා රඟපෑ චරිතය ද වඩාත් කතාබහට ලක්විය.

ඒ සිංහල චිත්‍රපටවල නිළියන් බටහිර පන්නයට නාන ඇඳුමින් සැරසී රඟපාන යුගයක් නොවේ. එහෙත් ඇය ඩොමී ජයවර්ධන සමඟ අද ද ඇසෙන “පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදී” ගීතය මුහුදු වෙරළක දර්ශනවලදී ගායනා කළේ කෙටි නාන ඇඳුමකින් සැරසීගෙනය. මෙය එකල සමාජයේ හැටියට ආන්දෝලනාත්මක රඟපෑමකි. එම රඟපෑමෙන් පසුව චිත්‍රපට ගණනාවක රඟපෑ ශාන්ති ලේඛාට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සන්දේශය” චිත්‍රපටයේ ලැබුණේ අපූරු චරිතයකි. ඊට හේතුව වූයේ එහි ඉතිරිව තිබුණේ එම චරිතය පමණක් වීමය.

තරුණ වියේදීම සන්දේශය චිත්‍රපටයේ ඇයට රඟපාන්නට ලැබුණේ මහලු ගැහැනියකගේ චරිතයයි. ඇය ඒ අභියෝගය බාර ගනිමින් රඟපෑවාය.

“සන්දේශය චිත්‍රපටයේ මම ඒ චරිතය රඟපෑවේ ලොකු ආශාවකින්. ඒ චිත්‍රපටය ලොකු වෙනසක් කළා. ඒ වගේම ලෙස්ටර් යටතේ රඟපාන්න ලැබීමත් මට ලොකු සතුටක් වුණා.”

එතැන් සිට අපට බොහෝ විට ඇය දකින්නට ලැබුණේ මවගේ චරිතයෙනි.

ලෙස්ටර්ගේ ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපටයක් වූ “ගම්පෙරලියේ” ඇය මාතර හාමිනේ ලෙස ඩේවිඩ් ධර්මකීර්ති සමග රඟපෑ චරිතය අපට කිසි දිනක අමතක නොවනු ඇත. වාණිජ චිත්‍රපටවල රඟපාමින් සිනමාවට අවතීර්ණ වන ඇය චරිතයක් සියුම්ව නිරූපණය කිරීමට කොතරම් සමත්දැයි “මාතර හාමිනේ” චරිතය නැරඹූ විට සිහිපත් වෙයි.

“දෙවියනි ඔබ කොහිද? චිත්‍රපටයේ මම කටකාර අම්මණ්ඩි කෙනෙක් හැටියට රඟ පෑ චරිතයට හරිම කැමතියි. ඒ චරිතය මට අමුත්තක්. මගේ කට වාචාල කම නිසා මුළු ගමක්ම ගිනි ගන්නවා. මගේ බොරු කේලාම් නිසා පල්ලියේ ස්වාමි දුක් කරදරවලට ලක්වෙනවා. තරුණු ජෝඩුවක් විවිධ වධවලට ලක්වී නින්දා විඳිනවා. මුළු ගමක්ම ශාපයක් වැදිලා වගේ ලෙඩ වෙනවා. මමත් අන්තිමට ලෙඩ වෙනවා. මේ චරිතය හරිම අමුතුයි.”

“සරුංගලේ” හා “සසර” චිත්‍රපටයේ චරිත වලටද ඇය කැමති බව එදා කීවාය.

“මම ‘සසර’ චිත්‍රපටයේ රඟපෑවේ ලන්සි ගැහැනියක් හැටියටයි” ඇය එදා කීවාය.

ශාන්ති ලේඛා වේෂ නිරූපන ශිල්පිනියක ද වෙයි. ඇය මුලින්ම හැඳල විජය චිත්‍රාගාරයට සම්බන්ධ වී ඇත්තේ වේෂ නිරූපණ ශිල්පිනියක ලෙසය.

“මම දීර්ඝ කාලයක් විජය ස්ටුඩියෝ එකේ මේක් අප් ආටිස්ට් කෙනෙක් හැටියට වැඩ කළා. මට චිත්‍රපට දෙක තුනක මේකප් කරන්න ලැබුණා. එ්ත් ඒ ගැන මම උනන්දුවක් දැක්වුවේ නැත්තේ ඒ ජොබ් එකට කට්ටිය ඉන්න නිසා ඒ වැඩේට අත ගහන එක හරි නෑ කියලා හිතුනා” ඇය සම්මුඛ සාකච්ඡාවකදී කීවාය.

හැත්තෑ ගණන්වලදී විජය චිත්‍රාගාරයට යන එන බොහෝ අවස්ථාවලදී ශාන්ති ලේඛා එහි සිටිනු දකින්නට ලැබිණ. එක අතකින් එය අපට පුදුමයක් විය. බොහෝ විටෙක එකල හැදල විජය චිත්‍රාගාරය සිනමාවේ විවිධ ශිල්පීන් එකතු කරන ස්ථානයක් මෙන් විය.

එක් තැනෙක දෙබස් කැවීම්ය. තවත් තැනෙක සංස්කරණ කටයුතුය. තවත් තැනෙක රූ ගත කිරීම්ය. තවත් විටෙක චිත්‍රපටයක පූර්ව දර්ශනයකි. මේ නිසා නළුනිළියන් සංස්කරණ ශිල්පීන් නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් ආදී සිනමාවට සම්බන්ධ බොහෝ පිරිස් හමුවීමට විජය චිත්‍රාගාරය කදිම තැනක් විය.

සිනමාව පිළිබඳ පුවත් සොයන්නටත් විවිධ සිනමා ශිල්පීන් හමුවන්නටත් සිනමාවේ කාර්මික පැත්ත ගැන ඉගෙනීමටත් එකල බොහෝ විට අප ගියේ විජය චිත්‍රාගාරයටය. එහිදී ශාන්ති ලේඛා සමග වචනයක් දෙකක් කතා කරන්නට අපි අමතක නොකළෙමු.

ඒ කාලයේදීම විජය චිත්‍රාගාරයේ තවත් කාමරයක හිටියේ එඩී ජයමාන්නය. ඔහුද කාලයකදී විජය චිත්‍රාගාරයේ තනතුරක් හෙබවූවේය. ඉංග්‍රීසි නවකතාවක් ඇතැතිව නිතරම සිටින එඩී විටෙක ශාන්ති සමග කතා කරමින් පසුවිය.

ශාන්ති ලේඛා නම් දක්ෂතාවෙන් පිරි මේ රංගන ශිල්පිනිය හොඳම සහාය නිළිය ලෙස ද සම්මාන ලබා ඇත. ඇය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණ කළ ‘පරසතු මල්’ චිත්‍රපටයේ හොඳම සහාය නිළිය ලෙස සරසවි සම්මානයෙන් ද, බිනරමලී, මායුරිගේ කතාව හා රිදී නිම්නය යන චිත්‍රපට වෙනුවෙන් ඇය ජනාධිපති සම්මාන දිනා ඇත.

ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගන ශිල්පියා බෙහෙවින් ප්‍රිය කළ රංගන ශිල්පිනියන් අතර ශාන්ති ලේඛා ද මුල් තැනක් ගනී. ගාමිණී ඇයට කතා කරන්නේ ඉංග්‍රීසියෙනි. රඟපෑයුතු දර්ශනයද ඇයට ඉංග්‍රීසියෙන් පැහැදිළි කරයි.

ගාමිණී ‘මයුරිගේ කතාව’ චිත්‍රපටයේ බොහෝ ජවනිකා රූප ගත කළේ සේන සමරසිංහයන්ගේ රඹුක්කන නිවසකය. එය සේනගේ සහෝදරයාට අයත්ව තිබූ නිව​ෙසකි. මයුරිගේ කතාවේ දැක්වෙන ගෙය එම නිවසයි. චංචල රේඛා චිත්‍රපටයේ රූ ගත කරද්දී ශිල්පීන් බොහෝ දෙනකු නැවතී සිටියේ එම නිවසේය. ගාමිණී සමග සොමී රත්නායක, විණා ජයකොඩි, ශාන්ති ලේඛා, සෝනියා දිසා සහ දමිත් ​ෆොන්සේකා ඇතුළු බොහෝ දෙනකු එම දර්ශනවල රඟපෑ බව මට මතකය.

මෙහි කැමරා අධ්‍යක්ෂවරයා වූයේ වී වාමදේවන්ය. තම දර්ශන වාරය එනතුරු තරමක් නිදහයේ සිටින ශාන්ති ලේඛා, වීණා, සොමී ඇතුළු පිරිස බොහෝ විට කාලය ගත කළේ විනෝදයෙනි. ශාන්ති ලේඛා සුජාතා චිත්‍රපයේ “පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදී” ගීතය ගායනා කළ හැටි මතක් කරමින් සොමී එකල අැයට විහිළු කෙළේය.

ඇයද ඊට මොකක් හෝ විහිළුවක් කර මහා හඬින් සිනහවෙයි.

පැරණි නළුනිළියන් තම පළපුරුද්ද ඔස්සේ තිරයේ ඉදිරිපත් කළ රැඟුම් අදටත් ජීවමානය. ඒවා කලාත්මක චිත්‍රපටවල මෙන්ම වාණිජ චිත්‍රපටවලද වෙනසක් නොවීය. අපේ බොහෝ නළු නිළියෝ සිනමා රඟපෑම් ආයතනවලින් හැදෑරුවෝ නොවෙති. එසේම ඉතාමත් සුළු වෙලාවකින් එම චරිතය තුළ ජීවත්වන්නට ඔවුන් කාලයක් තිස්සේ කළ රංගන පළපුරුද්ද ඉවහල් වෙයි. ශාන්ති ලේඛා ද එවන් නිළියකි.

ශාන්ති ලේඛා චිත්‍රපට 350 කට අධික සංඛ්‍යාවක රඟපා ඇතැයි ගණන් බලා ඇත. එහෙත් ඇයට එය එකල ගණනක් නොවීය.

“එම චිත්‍රපටවල රඟපාලා ලැබුණු පළපුරුද්ද විශාලයි. ඒ අත්දැකීම් එකතු කරලා චිත්‍රපට ගාණනක් හදන්න පුළුවන්. පොත් ගණන් ලියන්න පුළුවන්. මම ආසයි අන්ධ ගැහැණියකගේ චරිතය රඟපාන්න. ඒ වගේම පිස්සියකගේ චරිතයක් රඟපාන්නත් කැමතියි” ඇය කීවේ 1977 දීය. ශාන්ති ලේඛාට එම බලාපොරොත්තුව ඉටුකරගන්නට ලැබුනාදැයි මට හරියටම කිව නොහැකිය.

එකල ඇය පදිංචිව සිටියේ වත්තලය. ඇය බොහෝ සේ සැහැල්ලු ජීවිතයක් ගත කළා සේම ඇය එකල වික්ටර් රත්නායකගේ ගීතවලට බෙහෙවින් ආසා කළාය.

“හරිම ලස්සන සින්දු අනේ... මම හරිම ආසයි. බලන්න තාම වයස 32 යි. එ්ත් මේ තරම් ජනප්‍රියත්වයක්” ඇය එදා කීවාය. එකල වික්ටර්ගේ වයස අවුරුදු 32 ක් විය.

කාලය විසින් සියල්ල වෙනස් කෙරිණ. හැත්තෑ ගණන්වල බැබළුන සිනමාව ක්‍රමයෙන් බිඳ වැටීගෙන ගියේය. “සියළු සංස්කාරයන් අනිත්‍ය යයි මම අසා තිබෙනවා. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට බව අපේ ආගමේ කියවෙනවා” ශාන්ති ලේඛා මෙසේ පැවසුවේ එදා රුක්මනී දේවියගේ අනපේක්ෂිත මරණය හමුවේ කම්පාවෙමිනි.

සිතූ සේම ශාන්ති වියපත් වූවාය. ඇය සිනමාවෙන් ඈත් වූවාය. ඇය ඉන්පසු වත්තලින් මොරටුවේ ඥාති නිවසකට ආවාය. ඇය ජීවිතයේ අවසන් කාලය ගත කළේ ප්‍රංශයේ පැරිස් නුවරය. 1929 දී උපන් ඇය 2009 මාර්තු 11 වැනිදා පැරීසියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇයට එවිට වයස අවුරුදු 80 කි.

එහෙත් ශාන්ති ලේඛාගේ අම්මා චරිතය තව බොහෝ කාලයක් යනතුරු තිරයෙන් දැකිය හැකි වනු ඇත. ශාන්ති මියයන විට තිරයේ ජය කෙහෙළි නැංවූ ගාමිණි ෆොන්සේකා මෙන්ම විජය ද අප අතරින් වෙන්ව ගොසිනි.

රොඩ්නි විදානපතිරණ

සම්මාන

ජාතික සම්මාන

1 "Swarna Jayanthi" Award 11th Presidential Award 1997 - 1997
2 Merit Award Ridee Nimnaya - 1982 5th Presidential Award 1983 - 1983
3 Best Supporting Actress Mayurige Kathawa - 1980 9th Sarasaviya Awards - 1981 - 1981
4 Best Supporting Actress Sasara - 1978 1st Presidential Award 1979 - 1979
5 " Deepashika" Apecial Award 4th Deepashika Award Ceremony 1974 - 1974
6 Best Supporting Actress Binaramalee - 1969 7th Sarasaviya Awards - 1970 - 1970
7 Special Awards Ipadune Ai - 1967 5th Sarasaviya Awards - 1968 - 1968
8 Best Co Actress Parasathu Mal - 1966 3rd United Lanka Fans Society Award Ceremony 1968 - 1968

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 191953 සුජාතා සුජාතා Actress T.R. Sundaram
2 211954 වරද කාගේද වරද කාගේද Actress T.R. Sundaram, G.R. Rabo
3 251954 රදල පිළිරුව රදල පිළිරුව Actress T.R. Sundaram
4 331956 දොස්තර දොස්තර Actress K. Shankar, Venkatarawan
5 421957 ජීවිත සටන ජීවිත සටන Actress Shanthi Kumar Seneviratne
6 521958 සල්ලි මල්ලි සල්ලි සල්ලි මල්ලි සල්ලි Main Actress M.R.S. Mani
7 661960 සංදේශය සංදේශය Actress Dr. Lester James Peries
8 931963 ගම්පෙරළිය ගම්පෙරළිය Actress Dr. Lester James Peries
9 991964 සුභ සරණ සැප සිතේ සුභ සරණ සැප සිතේ Actress T. Somasekaran
10 1081965 සැපත සොයා සැපත සොයා Actress B. Nandasena Cooray
11 1201965 අල්ලපු ගෙදර අල්ලපු ගෙදර Actress M. Masthan
12 1281966 සීතල වතුර සීතල වතුර Actress Dharma Sri Kaldera
13 1341966 දෙලොවක් අතර දෙලොවක් අතර Actress Dr. Lester James Peries
14 1401966 පරසතු මල් පරසතු මල් Actress Gamini Fonseka
15 1421966 ඔබ දුටු දා ඔබ දුටු දා Actress S. Sivananda
16 1441966 සැනසිලි සුවය සැනසිලි සුවය Actress Robin Tampoe
17 1541967 රන්සළු රන්සළු Actress Dr. Lester James Peries
18 1571967 සරුබිම සරුබිම Actress S.D.S. Somarathna, L.S. Ramachandran
19 1591967 වසන්ති වසන්ති Actress Ananda Wickramasinghe
20 1601967 රන්රස රන්රස Actress P. Ratnam
21 1611967 ඉපදුනේ ඇයි ඉපදුනේ ඇයි Actress S. Ramanadhan
22 1631967 රෑන ගිරවු රෑන ගිරවු Actress Dharma Sri Kaldera
23 1641967 ඔක්කොම හරි ඔක්කොම හරි Actress Wijepala Hettiarachchi, S. Ramanadhan
24 1661967 සූර චව්රයා සූර චව්රයා Actress M. Masthan
25 1681968 පිනිබිඳු පිනිබිඳු Actress Chula Palagolla
26 1841968 දෙහදක දුක දෙහදක දුක Actress Robin Tampoe
27 1861968 අටවැනි පුදුමය අටවැනි පුදුමය Actress M. Masthan
28 1911969 නාරිලතා නාරිලතා Actress Thissa Liyanasuriya
29 1931969 කව්ද හරි කව්ද හරි Actress Titus Totawatte
30 1981969 බිනරමලී බිනරමලී Actress Mudalinayaka Somarathna
31 2001969 උතුම් ස්ත්‍රි උතුම් ස්ත්‍රි Actress K. Venkat
32 2111970 අක්කර පහ අක්කර පහ Actress Dr. Lester James Peries
33 2121970 ආත්ම පූජා ආත්ම පූජා Actress M. Masthan, Gamini Fonseka
34 2131970 තෙවන තෙවන Actress Titus Totawatte
35 2151970 පේනවා නේද පේනවා නේද Actress Wijepala Hettiarachchi
36 2191970 තුන්මන් හන්දිය තුන්මන් හන්දිය Actress Mahagama Sekara
37 2231971 පූජිතයෝ පූජිතයෝ Actress W.A.B. De Silva
38 2241971 දැවෙන පිපාසය දැවෙන පිපාසය Actress Thimothy Weerarathna
39 2311971 සීයේ නෝට්ටුව සීයේ නෝට්ටුව Actress K.A.W. Perera
40 2341971 සමනල කුමරියෝ සමනල කුමරියෝ Actress Wimaladasa Perera
41 2371972 නිධානය නිධානය Actress Dr. Lester James Peries
42 2381972 සහනය සහනය Actress J. Selvarathnam
43 2411972 එදත් සූරයා අදත් සූරයා එදත් සූරයා අදත් සූරයා Actress Lenin Morais
44 2461972 හිතක පිපුණ මල් හිතක පිපුණ මල් Actress S.Ramanadan
45 2521972 ඉහත ආත්මය ඉහත ආත්මය Actress K.A.W. Perera
46 2571973 අපරාධය සහ දඬුවම අපරාධය සහ දඬුවම Actress K.A.W. Perera
47 2591973 තුෂාරා තුෂාරා Actress Yasapalitha Nanayakkara
48 2631973 හොඳම වෙලාව හොඳම වෙලාව Actress Lenin Morais
49 2681973 හොඳට හොඳයි හොඳට හොඳයි Actress J. Selvarathnam
50 2691974 අහස් ගව්ව අහස් ගව්ව Actress Dharmasena Pathiraja
51 2761974 හදවත් නැත්තෝ හදවත් නැත්තෝ Actress Subayar Makeem
52 2801974 ඔන්න බබෝ බිල්ලෝ එනවා ඔන්න බබෝ බිල්ලෝ එනවා Actress Lenin Morais
53 2821977 චන්ඩි පුතා චන්ඩි පුතා Actress -
54 2841974 දුප්පතාගේ හිතවතා දුප්පතාගේ හිතවතා Actress S.V. Chandran
55 2851974 ලසඳා ලසඳා Actress K.A.W. Perera
56 2871974 සැණකෙළිය සැණකෙළිය Actress Wimaladasa Perera, Herbert Ranjith Peiris
57 2931975 හිත හොඳ මිනිහෙක් හිත හොඳ මිනිහෙක් Actress M.V. Balan
58 2951975 ඔබයි මමයි ඔබයි මමයි Actress Joe Dev Ananda
59 3021975 කොහොම කියන්නද කොහොම කියන්නද Actress Godwin Hanthi
60 3041975 අමරණීය ආදරේ අමරණීය ආදරේ Actress Dayananda Jayawardena
61 3061975 ලස්සන කෙල්ල ලස්සන කෙල්ල Actress Neil Rupasinghe
62 3071975 කෝකිලයෝ කෝකිලයෝ Actress Tissa Hewawitharana
63 3131975 සිකුරුලියා සිකුරුලියා Actress H.D. Premarathna
64 3181975 සංගීතා සංගීතා Actress Thimothy Weerarathna
65 3211976 නයනා නයනා Actress H.E. Jayasinghe, Amarasena Kumarasinghe
66 3231976 කවුද රජා කවුද රජා Actress J. Rasarathnam, J. Selvarathnam
67 3251976 මඩොල් දූව මඩොල් දූව Actress Dr. Lester James Peries
68 3261976 වල්මත් වුවෝ වල්මත් වුවෝ Actress Wasantha Obeysekara
69 3271976 ගංගා ගංගා Actress C.T. Perera, Pathiraja L.S. Dayananda
70 3291976 කොළඹ සන්නිය කොළඹ සන්නිය Actress Manik Sandra Sagara
71 3351976 ආශා ආශා Actress S.G. Samarasingha
72 3371976 හරියට හරි හරියට හරි Actress William Holmes
73 3391976 ඔන්න මාමේ කෙල්ල පැනපි ඔන්න මාමේ කෙල්ල පැනපි Actress Lenin Morais
74 3401976 සරදියෙල්ගේ පුතා සරදියෙල්ගේ පුතා Actress Neil Rupasinghe
75 3441976 ආදරෙයි මං ආදරෙයි ආදරෙයි මං ආදරෙයි Actress Lenin Morais
76 3461976 රන්තිලකා රන්තිලකා Actress W. Wilfred Silva
77 3471977 නීලා නීලා Actress Jo Suganda
78 3481977 සකුන්තලා සකුන්තලා Actress Villiam Olamas
79 3491977 සුදු පරවියෝ සුදු පරවියෝ Actress Kingsly Rajapaksha
80 3531977 හිතුවොත් හිතුවාමයි හිතුවොත් හිතුවාමයි Actress Lenin Morais
81 3551977 පෙම්බර මදූ පෙම්බර මදූ Actress Sugathapala Senarath Yapa
82 3561977 දෙවියනි ඔබ කොහිද දෙවියනි ඔබ කොහිද Actress Aruna Shanthi
83 3571977 එයා දැන් ලොකු ළමයෙක් එයා දැන් ලොකු ළමයෙක් Actress Dharmasena Pathiraja
84 3581977 චින් චින් නෝනා චින් චින් නෝනා Actress J. Selvarathnam
85 3631977 සිරිපාල හා රන් මැණිකා සිරිපාල හා රන් මැණිකා Actress Amaranath Jayathilake
86 3641977 ඇගේ ආදර කතාව ඇගේ ආදර කතාව Actress Yasapalitha Nanayakkara
87 3681977 යකඩයා යකඩයා Actress Neil Rupasinghe
88 3701978 සිතක සුවඳ සිතක සුවඳ Actress S.V. Chandran
89 3721978 ජනක සහ මංජු ජනක සහ මංජු Actress K.A.W. Perera
90 3731978 මගේ රන් පුතා මගේ රන් පුතා Actress M.V. Balan
91 3741978 විශ්මය විශ්මය Actress Charles Perera
92 3791978 හිත මිතුරා හිත මිතුරා Actress Lenin Morais
93 3831978 ටිකිරා ටිකිරා Actress Sherly P.Wijerathna
94 3861978 සැලි සැලි Actress Cyril P. Abeyratne
95 3871978 අප්සරා අප්සරා Actress J. Selvarathnam
96 3921978 සසර සසර Actress K.A.W. Perera
97 3941978 අහසින් පොලවට අහසින් පොලවට Actress Dr. Lester James Peries
98 3991979 සරුංගලය සරුංගලය Actress Sunil Ariyaratne
99 4011979 අමල් බිසෝ අමල් බිසෝ Actress Neil Rupasinghe
100 4071979 රාන් කුරුල්ලෝ රාන් කුරුල්ලෝ Actress Kingsly Rajapaksha
101 4161979 සව්ජන් ජෙමා සව්ජන් ජෙමා Actress Jayantha Pulin Samarasinghe
102 4171979 සුභානි සුභානි Actress S.V. Chandran
103 4171979 සුභානි සුභානි Actress S.V. Chandran
104 4231979 විසිහතර පැය විසිහතර පැය Actress Densil P.Abewardana
105 4261980 උතුමාණෙනි උතුමාණෙනි Actress Gamini Fonseka
106 4311980 එක්ටැම් ගේ එක්ටැම් ගේ Actress Herbert Ranjith Peiris
107 4351980 ඩොක්ට සුසන්තා ඩොක්ට සුසන්තා Actress Dayananda Jayawardena
108 4381980 සසරක පැතුම් සසරක පැතුම් Actress H.D. Premarathna
109 4391980 පරිත්‍යාගය පරිත්‍යාගය Actress H.D. Premarathna
110 4421980 ගඟ අද්දර ගඟ අද්දර Actress Sumithra Peiris
111 4441980 සන්කපාලි සන්කපාලි Actress Anton Gregory, Sarath Rupasinghe
112 4461980 රජ දවසක් රජ දවසක් Actress Thimothy Weerarathna
113 4541980 අපි දෙදෙනා අපි දෙදෙනා Actress Meril Albert
114 4551980 මයුරිගේ කතාව මයුරිගේ කතාව Actress Gamini Fonseka
115 4591981 තවලම තවලම Actress Lal Perera
116 4601981 රංගා රංගා Actress D. Mariyadasan
117 4631981 සයුරු තෙර සයුරු තෙර Actress Nimal Silva
118 4721981 වජිරා වජිරා Actress Sunil Ariyaratne
119 4751981 සාගරයක් මැද සාගරයක් මැද Actor Gamini Fonseka
120 4781981 බාදුරා මල් බාදුරා මල් Actress Gamini Fonseka
121 4911981 චංචල රේඛා චංචල රේඛා Actress Sena Samarasinghe
122 4961982 රෑ මනමාලි රෑ මනමාලි Actress Gamini Fonseka
123 4981982 සක්විති සුවය සක්විති සුවය Actress Gamini Fonseka
124 5031982 සුදු අයියා සුදු අයියා Actress S.V. Chandran
125 5101982 රිදී නිම්නය රිදී නිම්නය Actress D. B. Nihalsinghe
126 5111982 ප්‍රදීපා ප්‍රදීපා Actress Asoka Ponnamperuma
127 5141982 සිතාරා සිතාරා Actress S.V. Chandran
128 5171982 තක්කිට තරිකිට තක්කිට තරිකිට Actor Anthony C. Perera
129 5201982 චතු මධුර චතු මධුර Actress Somapala Lanarole
130 5371983 යලි පුපුනු මලක් යලි පුපුනු මලක් Actress Anton Gregory
131 5381983 සිව් රඟ සේනා සිව් රඟ සේනා Actress Roy Anuradha Sri Bandaranayaka
132 5421983 චුට්ටේ චුට්ටේ Actress Thilak Wehalla
133 5441983 ඈතින් ඈතට ඈතින් ඈතට Actress Sena Samarasinghe
134 5451983 තුත්තිරි මල් තුත්තිරි මල් Actress Pathiraja L.S. Dayananda
135 5501983 පසමිතුරෝ පසමිතුරෝ Actress Ananda Hewage
136 5781984 කෝකිලා කෝකිලා Actress Villiam Olamas
137 5791984 හිතවතිය හිතවතිය Actress Anton Gregory, Camilus Perera
138 5811984 සසර චේතනා සසර චේතනා Actress Malani Fonseka
139 5831984 රණ දෙරණ රණ දෙරණ Actress Lorance cooray, Dilman Jayaratne
140 6071985 පුතුනි මට සමාවෙන්න පුතුනි මට සමාවෙන්න Actress Thilak Wehalla
141 6161985 දූ දරුවෝ දූ දරුවෝ Actress Gamini Hewawitharana
142 6211986 යලි හමුවෙන්නයි යලි හමුවෙන්නයි Actress Sena Samarasinghe
143 6301986 දෙව්දුව දෙව්දුව Actress Daya Wimalaweera
144 6331986 පූජා පූජා Actress Dharmasiri Gamage
145 6381987 යුගයෙන් යුගයට යුගයෙන් යුගයට Actress Lenin Morais
146 6471987 කැලැ කෙල්ල කැලැ කෙල්ල Actress Bernard Reginold
147 6641988 කෝ හතුරෝ කෝ හතුරෝ Actress Sunil T. Fernando
148 6901990 ජය කොතනද ජය කොතනද Actress Somarathna Ramanayaka
149 6911990 පාලම යට පාලම යට Actress H.D. Premarathna
150 6991991 පාරාදීසය පාරාදීසය Actress Dinesh Priyasad
151 7121991 සලඹක් හඬයි සලඹක් හඬයි Actress Hemasiri Sellapperuma
152 8711998 ඇය ඔබට බාරයි ඇය ඔබට බාරයි Actress Sunil Soma Peiris
153 8971999 සුරගන යහන සුරගන යහන Actress -

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play